ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2019.11.03 වන දින සහකාර අධ්‍යක්ෂ, සැලසුම් ගාමිණී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.














