GN Officers Performance to develop Galkadapathana village.

 

පටුන

  1. ව්‍යාපෘතියේ පසුබිම
  2. ව්‍යාපෘතියේ නම
  3. ව්‍යාපෘතියේ තාර්කිකත්වය
  4. ව්‍යාපෘතියේ අභිමතාර්ත
  5. යෝජිත ගැටඵ
  6. ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරිමට යෝජිත ක්‍රියාකාරකම්
  7. ව්‍යාපෘතියේ උපාය මාර්ග
  8. ව්‍යාපෘතියේ සුවිශේෂි අරමුණු
  9. ව්‍යාපෘති කාල සිමාව
  10. ව්‍යාපෘතියේ ප්‍රතිලාභින්
  11. ව්‍යාපෘතියේ ප්‍රගතිය මැන බැලිමට යොදා ගන්නා ප්‍රගති දර්ශක
  12. ව්‍යාපෘතියේ මෙහෙයුම් යාන්ත්‍රණය
  13. ව්‍යාපෘතියේ ක්‍රියාත්මක යාන්ත්‍රණය
  14. පවත්වා ගැනිම හා නඩත්තුව
  15. ව්‍යාපෘතිය මගින් ස්ත්‍රි පුරුෂ අසමානතාවයට කරන බලපෑම
  16. පරිසර සුරැකිම හා ව්‍යාපෘතියේ බලපෑම
  17. ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුව හා මුල්‍ය සැලැස්ම

01 . ව්‍යාපෘතියේ පසුබිම (Background Of  The Project Proposal)

කෘෂිකාර්මික රටක් ලෙස සංවර්ධනය වන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරිමෙහිලා මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි . සංචාරක ආකර්ශනයක් ඇති දිස්ත්‍රික්කයක් ලෙස අවධානයට ලක් වන මෙහි බහුතර ජනතාවක් වැවිලි කර්මාන්තයෙන් හා කෘෂිකර්මාන්තයෙන් තම ජිවිකාව සරි කර ගනිති . පරිපාලනමය වශයෙන් ප්‍රා‍දේශියලේකම් කොට්ඨාස පහකින් සමන්විත වන අතර මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති ග්‍රාම නිළධාරි කොට්ඨාස 125 න් සමන්විත වලපනේ කොට්ඨාසය ඉන් එකකි . 1,500 mm – 2,500 mm වාර්ෂික වර්ෂාපතනයකින් හා ඉතා සෞම්‍ය දේශගුණයකින් යුත් මෙම කොට්ඨාස‍යේ උඩපළාත කෝරළයේ පිහිටා ඇති 533 එච් ගල්කඩපතන ග්‍රාම නිලධාරි වසම,මුහුදු මට්ටමේ සිට අඩි 4,000- 5,000 ත් අතර උසක පිහිටා ඇත .  පවුල් 362 ක 1,240 ක් වන ජනගහණය හෙක්ටයාර 118.5 ක් තුළ විසිරි පැතිරි වාසය කරන සුවිශේෂි ආර්ථික විභවතාවයක් ඇති කොට්ඨාසයකි. ප්‍රධාන ජිවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය හා සුළුඅපනයන භෝගයක් වන කෝපි වගාවයි .

කෝපි වගාවට ලැබෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගය ප්‍රමාණවත් නොවිමෙන් ගොවින් මෙම කර්මාන්තය තුළ රැදි සිටිමට මැළි කමක් දක්වති . විශේෂයෙන් ප්‍රාග්ධන හිගකම සහ අවශ්‍ය තරම් පැළ අවශ්‍ය කාලයේදි සපයා ගත නොහැකි විම ගොවින් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වේ. ලෝකයේ උසස්ම රසයක් ‚සුවදක් සහ ඉල්ලුමක් ඇති "ඇරබිකා ප්‍රභේධය" වගා කළ හැකි සුවිශේෂි දේශගුණික හා පාරිසරික සාධක වලින් මෙම කොට්ඨාසය ඉතා පොහොසත්ය . එසේම අවශ්‍ය පැළ සපයා දිමට අනුග්‍රහයක්මත තවාන් සකස් කිරිමටද ගොවින් ඉතා කැමැත්තෙන් පසුවෙති . මෙවැනි පසුබිමක කෝපි වගා කරන ගොවින්ට අවශ්‍ය  ප්‍රාග්ධනය සහා ගුණාත්මක පැළ නොමැති විමෙන් නිෂ්පාදනය අඩු වී අපේක්ෂිත ආදායම ලබා ගැනිමට නොහැකි වීම ප්‍රභල ගැටළුවක් වි ඇත .

මේ ආකාරයට අපේක්ෂිත ආදායම ගොවින්ට දිර්ඝ කාලයක් තිස්සේ අහිමි විමෙන් මෙම කෝපි කර්මාන්තය සම්පුර්ණයෙන්ම බිද වැටිමේ අවදානමක් පැන නැගි ඇත . එසේම ගොවින් වගාවෙන් ඉවත් විමෙන් කෝපි වගා කළ බිම් ප්‍රමාණය ඵලදායි ලෙස නොයෙදිම මගින් රටේ  නිෂ්පාදනය අඩු වේ . කෝපි සම්බන්ධ සෘජු සහ වක්‍ර රැකියා බිද වැටේ . මෙය ජාතික ආර්ථිකයටද කාලයත් සමග ඉතා අහිතකර බලපෑම් එල්ල කොට අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩි විමට  හේතුවක් විය හැක . එහෙයින් මෙම ගැටඵවට තිරසාර කඩිනම් විසදුමක් ලබා දිමට අත්‍යාවශ්‍ය වේ .

                                               

02 . ව්‍යාපෘතියේ නම (Name Of The Project)

533 එච් ගල්කඩපතන ග්‍රාමනිලධාරි වසමේ ප්‍රධාන සුළු අපනයන භෝගය ලෙස කෝපි වගාව තෝරා ගෙන සිටින ගොවින්ගේ වාර්ෂික ආදායම  අපේක්ෂිත මට්ටමට ගෙන  ඒම .

03 . ව්‍යාපෘතියේ තාර්කිකත්වය (RationaleoftheProject)

“සිලෝන් කෝපි “ වෙළදනාමය යටතේ ශ්‍රි ලංකාව‚ ක්‍රි.ව 1,870 තරම් ඈත අතීතයේදි මෙ.ටොන් 50,000 ක් පමණ කෝපි අපනයනය කරන ලද ප්‍රමුඛ පෙලේ කෝපි නිෂ්පාදකයෙක් විය . වර්තමානයේ කෝපි අපනයනය , වර්ෂයකට මෙ.ටොන් 6,000-8,000 ත් අතර වේ . මෙ නිසා අප කෝපි අපනයන වෙළදපොළ තුළ 2017 වසරේදි 48 වන ස්ථානය දක්වා පහත ගොස් ඇත . මේ කරුණ මගින් ම  ලංකාවට කෝපි අපනයනය කිරිමට ඇති ඉඩකඩ පැහැදිලි වේ . එසේම ‍ඇරබිකා ලක්පැරකුම් ප්‍රභේධය හොදින්ම වර්ධනය වන ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වීමත් ගල්කඩපතන එහි හොදම භෞතික පිහිටිමක පිහිටාතිබිමත් යන කාරණා මෙම වසම තුළ කෝපි වගාව ව්‍යාප්ත කිරිමට ප්‍රබල හේතුන් වේ .

තවද මෙම කෝපි ප්‍රභේදය ක්ෂේත්‍ර‍යේ සිටුවා වසර දෙකකින් ඵලදාව ලබා දිම ආරම්භ කරන අතර මුල් වසර දෙකේ සිට වසර පහ වන විට එක් ගසකින් වියළි කෝපි  කිලෝ ග්‍රෑම් හතරක පමණ අස්වැන්නක් ලබා ගැනිමට හැකි විම විශේෂ තත්වයකි . එක් පවුලක් සුළු අපනයන දෙපාර්තුමේන්තුවේ ප්‍රමිතිය අනුව, අක්කර 1/ 4 ක කෝපි ගස් 300 ක් සිටුවුවහොත් පළමු වසර දෙක අවසානයේදි එක් ගසකින් කිලෝ ග්‍රෑම්  එක බැගින් කිලෝ ග්‍රෑම්  300 ක අස්වැන්නක් ලබා ගත හැකි වේ . වසර 5 දි මෙම අස්වැන්න කිලෝ ග්‍රෑම් 1,200 දක්වා වැඩි වේ සාමාන්‍ය වෙළදපොළ තත්වය අනුව අවම ලෙස රුපිල් 600 ක මිළට කෝපි  කිලෝ ග්‍රෑම් එකක මිළ පැවතියහොත් වසර 5ක් අවසානයේ එක් පවුලක් කන්නයකට ලබන ආදායම  1,200X රුපියල් 600 . රු: 720,000 ක් වේ . මෙය වසමේ පවුල් 362 සදහාම ආදේශ කර බැලු විට එය රු 260,640 ,000 දල වශයෙන් රු  මිලියන 260 . 64 කි . වසමේ හෙක්ටයාර 118.5 ක ඉඩමි පිහිටා තිබීම මත මෙම තක්සේරුව ඉතා සාධාරණවේ . ‍මෙය කෝපිකිලෝවක් රු; 600 අවම මිළට අළෙවි වුවහොත්ය .නමුත් මෙම මිළ රු : 700- 1,000 ත් අතර ප්‍රමාණයකට ඉහළ දැමිය හැකි බැවින් ඉතා විශාල ආදායමක් උපයා ගත හැකි වනු ඇත . මෙතරම් ආදායමක් උපයාගත හැකි වගාවක් ගොවීන් අතහැර දැමීම හා ගොවීන්ට අතහැර දැමීමට සිදුවීමෙන් ග්‍රාමිය ආර්ථිකය කඩා වැටීම, ජාතික ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නොවනු ඇත . වසර පහකින් පසු වසරකට මිලියන 260 .64  බැගින් වසර කිහිපයක් මෙම ආදායම අහිමි වීම බිලියන ගණනක පාඩුවක්  දක්වා දිවෙනු ඇත . මෙම ව්‍යාපෘතිය නගා සිටු විමට වියදම් කල යුත්තේ ලක්ෂ 34 ක පමණ වන ඉතා සුඵ මුදලකි . මෙම මුදලද වියදම් කළ යුත්තේ වසර 20 කටපමණ එක් වරකි . එයින් ද රාජ්‍ය අනුග්‍රහය අපේක්ෂා කරන්නේ පලමු අවස්ථාවේදි පමණක් වන අතර අනතුරුව තම ආදායම් තත්වය වර්ධනය කර ගන්නා ගොවින් විසින් හා ඔවුන් විසින් ඇති කර ශක්තිමත් කර ගන්නා සංවිධානයක් මගින් මෙම තත්වය දිගින් දිගටම පවත්වා ගනු ඇත . මේ අනුව ලැබෙන  ප්‍රතිලාභය සැලකුව විට කරන වියදම නොසැලකිය හැකි වේ . තවද පුධාන රැකියා අවස්ථාවට අමතරව වක්‍ර රැකියාවලින් උපයන මුදල් ගණනය කර නොමැති බැවින් සම්පුර්ණ ප්‍රතිලාභය මෙයට වඩා ඉතා විශාල සංඛ්‍යාත්මක අගයක් ගන්නා බව පැහැදිලි වේ . එබැවින් මෙම ආයෝජනය ඉතා ඵලදායි දැවැන්ත ආයෝජනයක් වනු ඇත .

04  . ව්‍යාපෘතියේ අභිමතාර්ත (ThegolloftheProject)

වසමේ ප්‍රධාන සුළු අපනයන භෝගය ලෙස කෝපි වගා කරන ගොවින්ගේ ආදායම අපේක්ෂිත මට්ටමට ඉහළ නංවා ඔවුන් කෝපි කර්මාන්තය තුළ රදවා ගනිමින් නිෂ්පාදනය වැඩි කර , ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙමින්, අපනයන ආදායම ඉහළ නංවා ඉතුරුම් වැඩි කර , ගොවින්ගේ ස්ථාවර වත්කම් සුරක්ෂිත කර ගනිමින්, ඉහළ අධ්‍යාපන හා උසස් සෞඛ්‍යතත්වයක් සහිතව , ජාතික ආර්ථිකය ඉහළ නැංවිමට ඉහළ දායකත්වයක් සපයන ජනතාවක් ලෙස මොවුන්ගේ ජිවන තත්වය ඉහළ නැංවීම .

05 . ව්‍යාපෘතිය මගින් විසදීමට යෝජිත ගැටඵ

(ProblemsProposedtobesoveldbytheproject)

  1. I. ගුණාත්මකව කෝපි නිෂ්පාදනය කිරිම පිළිබදව ගොවින් දැනුවත් නොවිම .

නව දැනුම ගොවින්ට ලබා දිමට යාන්ත්‍රණයක් නොමැති කම හා නිලධාරි හිගය මත මෙම තත්වය ගොඩනැගි ඇත. ඉල්ලුමට සරිලන ලෙස ගුණාත්මකව කෝපි නිෂ්පාදනය නොවිමෙන් කෝපි සදහා නිශ්චිත ස්ථාවර මිලක් නොලැබේ .

  1. II. ගොවින්ට තම නිෂ්පාදන සාධාරණ මිළකට අළෙවි කිරිමට රාජ්‍ය හෝ පුද්ගලික ස්ථාන නොතිබිම .

කෝපි වගාවට ලැබෙන පුද්ගලික හා රාජ්‍ය අනුග්‍රහය අවම විම හා ප්‍රධාන අපනයන භෝග වලට යොදන අවධානය රජය සුළු අපනයන භෝග වලට නොයෙදිමත් , කෝපි වල අපනයන වටිනාකමේඅගය පිළිබදව නිසිතක්සේරුවක් කර නොතිබිමත් මත මෙම තත්වය හටගෙන ඇත.මේ නිසා කෝපි අතර මැදියන්ගේ ග්‍රහණයට නතු විමෙන් කෝපි සදහා ස්ථාවර මිළක් ලබා ගැනිමට ගොවින්ට නොහැකි වි තිබේ .

  • III. නව තවාන් ඇති කර නව ප්‍රභේධ ගොවින්ට හදුන්වා නොදිම .

නව තවාන් ඇති කිරිමට යෙදිය යුතු ප්‍රාග්ධන හිගකම හා පවතින පැරණි තවාන් වලින් වගාව  නඩත්තු කළ හැකි යැයි අදාළ අංශ පුරෝකථනය කර තිබිම මත ක්ෂේත්‍රයේ නව වගා ඇති නොවේ . මේ  නිසා වැඩි ඵලදාවක් ලැබෙන නව ප්‍රභේධ ගොවින්ට නොලැබිමෙන් ගොවින්ගේ අපේක්ෂිත ආදායම ක්ෂේත්‍රයේතිබෙන කෝපි වලින් ලබා ගැනිම දුෂ්කර වි තිබේ .

  1. IV. නව වගා ඇති කළ හැකි ඉඩම් හදුනා නොගැනිම .

නව වගා ඇති කළ හැකි ඉඩම් පිළිබදව සමික්ෂණයක් ඇති කර නොතිබිම හා අදාළ ආයතන ඒ පිළිබදව උනන්දුවක් නොදැක්විමත් ,  ආයතන වල සේවක සංඛ්‍යාව හිගකම සහ GPS තාක්ෂණයෙන්  ඉඩම් මැනිමට යන වියදම අධික විම මත මෙම තත්වය හටගෙන ඇත . මේ නිසා නව වගා ,ක්ෂේත්‍රයේඇති නොවිමෙන් නිෂ්පාදනය පහළ බැස ඇත .

  1. V. බදිරිගුල්ලාගේ හානිය .

කෝපි වගාවට ප්‍රධාන හානි දායක කෘමියා වන මෙම සත්වයා මර්දනය කරන ආකාරය පිළිබදව ගොවින් දැනුවත් නොවිම හා දැනුවත් කිරිමට  සිටින නිලධාරින්ද ප්‍රමාණවත් නොවිමෙන් වගාවට අහිතකර තත්වයක් ඇති වි ඇත . මේ නිසා පවතින කෝපි වලින් ලැබෙන ඵලදාව අඩු වි ඇත .

  1. VI. කෘමි නාශක භාවිතය නිසා හිතකර කෘමින් වගාවෙන් ඉවත් විම .

කෝපි පරාගණයට ප්‍රධානම සාධකය වන්නේ මි මැසි ක්‍රියාකාරිත්වය වේ . වර්තමානයේදි කාමිනාශක අධිකව භාවිතා කිරිම මත මි මැසි ජනපද වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමද කෝපි ඵලදාව අඩු විමට බලපා ඇත . එසේම වෙළදපොළ තුළ බාල රසායනික පොහොර හා කෘමිනාශක  සුලභ විමත් කාබනික පොහොර සපයා ගැනිමට ගොවින් හුරු වි නොතිබිමත් මෙම තත්වය ඇති විමට හේතු වි තිබේ .

  • නිසි අයුරින් වගාව නඩත්තු නොකිරිම .

නිසි නඩත්තුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබදව ගොවින් දැනුවත් නොකිරිම හේතුවෙන් නිසි තාක්ෂණ ක්‍රමවේද මත වගාව නඩත්තු නොවේ . මේ නිසා කෝපි වල ඵලදාව අඩුවිම ගොවින්ගේ ආදායම අඩු විමට බලපා ඇත .

  1. 06. ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරිමට යෝජිත ක්‍රියාකාරකම්

(ActivitiesPropsedtobelmplementedbyproject)

06.i   නව ප්‍රබේධ ප්‍රවර්ධන සංරචකය

  • නව ප්‍රබේධ සහිත තවාන් ඇති කිරිම .
  • නව තවාන් සදහා ප්‍රාග්ධන ආයෝජන ලබා දිම .
  • පවතින පැරණි තවාන් වලද නව ප්‍රබේධ පැළ කිරිම.
  • වැඩි ඵලදාවක් ලැබෙන ප්‍රබේධක්ෂේත්‍රයේ නව වගා ලෙස ඇති කිරිම.

06 :ii  යටිතල පහසුකම් ලබා දිමේ සංරචකය

i. නව වගා ඇති කළ හැකි ඉඩම් හදුනා ගැනිම.

ii. ඉඩම් සමික්ෂණයට යන්ත්‍රණයක් සකස් කිරිම.

iii. ඉඩම් විධිමත්ව හා කඩිනම්ව මැන වෙන් කිරිම .

iv. කෝපි මිලදි ගන්නා යාන්ත්‍රණයක් සකස් කිරිම

06 :iii මානව සම්පත් ප්‍රවර්ධන සංරචකය

i. නිසි නඩත්තුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබදව ගොවින් දැනුවත් කිරිම.

ii. ගුණාත්මක කෝපි නිෂ්පාදනය කිරිම පිළිබදව ගොවින් දැනුවත් කිරිම .

iii. කෝපි පිළිබදව දැනුවත් කරන ප්‍රචාරණ යන්ත්‍රණයක් සකස් කිරිම හා එයින් අපනයන ප්‍රතිලාභ පිළිබදව දැනුවත් කිරිම .

iv. මි මැසි පාලනය පිළිබදව ගොවින්ට පුහුණුවක් ලබා දිම .

v. ප්‍රබල කෝපි සමිති ඇති කිරිම හා ගොවින් කණ්ඩායම් ලෙස සංවිධාන ගත කිරිම .

06 :iv  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහය කෝපි වගාවට ලබා දිමේ  සංරචකය

රජය මගින් ප්‍රධාන අපනයන භෝග වලට යොදන අවදානය සුඵ අපනයන භෝග වලටද ලබාගැනිමේ යාන්ත්‍රණයක් සකස් කිරිම .

01 . අනෙක් රාජ්‍ය අංශ වල සහය ලබාගැනිම .

  • කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .
  • අපනයන සංවර්ධන මණ්ඩලය .
  • අපනයන කෘෂි දෙපාර්තුමේන්තුව .
  • ගොවිජනසේවා දෙපාර්තමේන්තුව .

02 . පුද්ගලික ආයතන වල සහය ලබා ගැනිම .

  • කියොතා කොෆි ආයතනය
  • කැෆෝගා ප්‍රොඩක්ට්ස් ආයතනය

06 :v  කෝපි සාධාරණ මිළකට ගැනිමේ වෙළද යාන්ත්‍රණයක් සැකසිමේ සංරචකය

  1. ගොවින්ගේ ඉඩම් වලටම ගොස් නිෂ්පාදන මිළදි ගැනිම .
  2. කෝපි මිළදි ගන්නා ස්ථාන ප්‍රා‍දේශිය මට්ටමෙන් ඇති කිරිම .
  • iii. කෝපි වෙළදුන්ට බදුසහන ලබා දිම .
  • iv. ලෝක වෙළදපොළ කෝපි මිල උච්ඡාවචනය පිළිබදව රජය අවධානයෙන් සිටිම .

06 :vi  අස්වනු ප්‍රවර්ධන සංරචකය

  • බදිරිගුල්ලාගේ හානිය වැලැක්විමට තාක්ෂණය ලබා දිම .
  • මි මැසි ජනපදසංඛ්‍යාව ගම තුළ වැඩි කිරිම .
  • මි මැසි පෙටිටි ලබා දිම .
  • මී මැසි ජනපද ලබා දිම .
  •  කාබනික පොහොර සකස් කිරිමට හා භාවිතයට පහසුකම් ලබා දිම .
  • කෘමි නාශක භාවිතය ක්ෂේත්‍රය තුළ අඩු කිරිම .

 

07 ව්‍යාපෘතියේ උපාය මාර්ග (Strategiesoftheproject)

  1. වසමේ ප්‍රධාන සුඵ අපනයන භෝගය ලෙස කෝපි වගා කරන ගොවින්ගේ ආදායම අපේක්ෂා මට්ටමට ඉහළ නැංවිම තුලින් , ගොවින් කෝපි වගාව වෙත ආකර්ශනය කර කෝපි නිෂ්පාදනය වැඩිකිරිමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිම මගින් , ගණුදෙණුකරුවන් රැක ගනිමින් අපනයන ආදායම වැඩිකර ජාතික වශයෙන් රටේ සංවර්ධනය ඉහල නැංවිමට දායක විම .
  1. ගොවින්ගේ ආදායම ඉහළ නැංවිම මගින් කෝපි වගාවට භාවිතා කරන ඉඩමි ප්‍රමාණය හා ඒවායේ ඵලදායිතාවය වැඩි වේ . පාරම්පරික ඉඩම් අන්සතු විම වැළකිගොවින්ගේ ස්ථාවර වත්කම් ආරක්ෂා මගින් විශ්වාසයෙන් යුතුව ජාතික සංවර්ධනයට දායක කරවා ගැනිම ට හැකි වීම ප්‍රධාන උපාය මාර්ගයකි .
  1. අපේක්ෂිත ආදායම ඉහළ තත්වයකට ගෙන ඒමෙන් ගොවින්ගේ ක්‍රය ශක්තිය වැඩිවිම තුළ යහපත් සෞඛ්‍ය තත්වයක් සහ ඉහළ අධ්‍යාපනික අවස්ථා ළගා කර ගැනිමට හැකි වීමත් කායිකව සහ මානසිකව මුල්‍යමය ලෙස ශක්තිමත් වීම ජාතික වශයෙන් සංවර්ධන කාර්ය සඵල කර ගැනිමටත් හේතු වනු ඇත .
  1. ගොවින්ගේ ආදායම ඉහළ යාම තුළ ඉතුරුම් වැඩි වි ණය ගැනිම් දුර්වල වි ආර්ථික හැකියාව ඉහළ යාම මගින් කෝපි වවන්නන්ගේ ජිවන තත්වය ඉහළ නංවා ලිම .
  1. කෝපි වගාවේ ආදායම ඉහළ යාම මත තව තවත් ගොවින් මෙයට ආකර්ෂණය කර ඍජු හා වක්‍ර රැකියා උත්පාදනය කරමින් කෝපි සදහා වෙළදපොළ තුළ බිහි වන බාල ආදේශක අවම කොට ආනයනය දුර්වල කිරිමත් අපනයනය ඉහළ දැමිමත් එමගින් උද්ධමනය අඩු විම මත සංවර්ධන දර්ශක ඉහළ නැංවිමත් අපේක්ෂා කෙරේ .

08 ව්‍යාපෘතියේ සුවිශේෂි අරමුණු (SpecificObjectivesOfTheProject)

 

  1. 2018 වර්ෂය ආරම්භයේදි වසම තුළ කෝපි වගාකරන ලද බිම් ප්‍රමාණය 2019 වසර ආරම්භය වන විට 50 % න් වැඩි කිරිම .
  1. 2018 වර්ෂ‍යේ වසම තුළ කෝපි ශාක ප්‍රමාණය 2019 වසර අවසන් විට 100 % න් වැඩි කිරිම.
  1. 2018 වර්ෂ‍ය ආරම්භයේදි 40% ක් පමණ වු කෝපි වගාවට බදිරිගුල්ලාගෙන් වන හානිය 2020 වර්ෂ‍ය වන විට 10% ක් දක්වා පහත හෙළිම .
  1. 2018 වර්ෂ‍ය මුල වසමේ ස්ථාපිතව ඇති මි මැසි ජනපද සංඛ්‍යාව 2019 වර්ෂය අග වන විට100 %කින් වැඩි කිරිම .
  1. 2018 වර්ෂ‍ය තුළ80 % කෘමිනාශක භාවිතය 2020 වන විට 20 % ක් දක්වා පහත හෙළිම .
  1. 2018 වර්ෂ‍යඅග භාගයේදි 20 % ක් වු කාබනික පොහොර භාවිතය 2020 මුල් භාගය වන විට 80 %ක් දක්වා ඉහළ නැංවීම .
  1. 2018 වර්ෂයේ වලපනේ කොට්ඨාසය තුල පිහිටුවා ඇති කෝපි සංගම් දෙකක ප්‍රමාණය 2023 වන විට 10 ක් දක්වා වැඩි කිරිම .
  1. 2018 වර්ෂ‍‍යේවසම තුළ නඩත්තු කරන 10,000 ක් වන කෝපි පැළ සංඛ්‍යාව 2019 වර්ෂය අග භාගය වන විට 500 %කින් වැඩි කිරිම .
  1. 2018 වසර ආරම්භ වන විට වසම තුළ ලබා ගත් කෝපි ඵලදාව 2023 වසර වන විට 4000 % ගුණයකින් වැඩි කිරිම.

09 ව්‍යාපෘති කාල සිමාව (DurationOfTheProject)

වසම තුළ කෝපි වගාවේ නිරත වන ගොවින්ගේ ආදායම අපේක්ෂිත මට්ටමට ඉහළ නැංවිමේ ව්‍යාපෘතිය 2018 සැප්තැම්බර් මාසයෙන් ආරම්භ වි 2020 අගෝස්තුමසින් අවසන් විමට නියමිතය .ඒ අනුව ව්‍යාපෘති කාල සිමාව වසර 02කි .

10 ව්‍යාපෘතියේ ප්‍රතිලාභින් (BenificiariesOfTheProject)

  • සෘජු ප්‍රතිලාභින් (DirectBenificiaries)

වස‍මේ පවුල් 362 ක 1240 වන මුළු ජනතාවම ඍජු ප්‍රතිලාභින් වේ . මෙම සෘජු ප්‍රතිලාභින් අතරට

  • ක්ෂුද්‍ර මුලය ආයතන වලින් ණය ලබා ගෙන ගෙවීමට නොහැකි තත්වයට පත්ව , ණය චක්‍රයක සිර වි ඇති පවුල් 22 ක කාන්තාවන්ද ,
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහිත පවුල් 08ක කාන්තාවන්ද ,
  • ස්වාමියා හැර ගොස් ළමුන් සමග තනිව වෙසෙනපවුල් 05ක කාන්තාවන්ද ,
  • කාන්තා මුලික පවුල් 74 ක්ද මෙයට ඇතුලත්ය .
  • වක්‍ර ප්‍රතිලාභින් (lnDirectBenificiaries)

කෝපි ව්‍යාපාරය හැදින්වෙන්නේ ලෝකයේ තෙවැනි විශාලතම වෙළදාම ලෙසයි . මෙයින්ම මෙම වගාව කෙතරමි පුළුල් පරාසයක් තුල ව්‍යාප්ත වි ඇත්දැයි පැහැදිලි වේ . මේ තුළ සිටින ශ්‍රී ලංකාවේ කෝපි පානය කරන්නන්ගේ සිට ලොව තුළ සිටින සියළුම කෝපි ළෝලින් වක්‍ර ප්‍රතිලාභින් ගණයට ගත හැක . එසේම කෝපි සදහා යන්ත්‍රසුත්‍ර නිෂ්පාදනය කරන්නන් මෙන්ම මේ හා බැදුණු රස කැවිලි නිෂ්පාදන ආයතන , බිමනිෂ්පාදන ආයතන , ඒ තුළ සේවය කරන

පිරිස් , ප්‍රවාහනයට සම්බන්ධ පිරිස් ද මෙයට අයත් වේ . වාණිජ්‍ය ලෙස ප්‍රචාරණයට සම්බන්ධ ආයතන ඒ තුල සේවය කරන්නන්ද කෝපි ව්‍යාපාරයේ වක්‍ර ප්‍රතිලාභින් වේ . කෝපි පොහොර නිෂ්පාදකයන් හා ඒ සම්බන්ධ සියළු ක්ෂේත්‍ර නියෝජනය කරන්නන්ද මෙම ජාලයේ කොටස්කරුවෝ වේ . මී මැසි පාලනයට අදාළ පිරිස්ද කෝපි වගාවේ වක්‍ර ප්‍රතිලාභින් ගණයට ගත හැකිය . මෙසේ සළකා බලන විට ලොව විශාලම වක්‍ර ප්‍රතිලාභින් ගණනාවක් අයත් ක්ෂේත්‍රයක් ලෙස මෙම ව්‍යාපාරය හදුන්වා දිය හැක . මෙහි වක්‍ර ප්‍රතිලාභින් ප්‍රමාණය මිණිය නොහැකි වේ .

11 ව්‍යාපෘතියේ ප්‍රගතිය මැන බැලිමට යොදා ගන්නා ප්‍රගති දර්ශක

(PerformancelndicatorsToBeUsedToEvalvateTheProject)

  1. 2018 වර්ෂ‍ය ආරම්භයේදි වසම තුළකෝපි වගා කරන ලද බිමි ප්‍රමාණය 2019 වර්ෂය අග භාගය වන විට වැඩි වී ඇති ප්‍රමාණය ප්‍රතිශතාත්මකව මැන බැලිම .
  1. 2018 වර්ෂ‍යේවසම තුළ සිටුවා ඇති කෝපි ශාක ප්‍රමාණය 2019 වර්ෂය අවසන් වන විට කොපමණ ප්‍රමාණයකින් වැඩි කර ඇත් දැයි මැන බැලිම .
  1. 2018 වසර ආරම්භයේදි 40 % ක් පමණ වන බදිරිගුල්ලාගේ වගා හානිය 2020 වන විට අඩු කරන ලද ප්‍රතිශතය මැන බැලිම .
  1. 2018 වර්ෂ‍යේ මුල වසමේ ස්ථාපිතව තිබු මි මැසි ජනපද සංඛ්‍යාව 2019 වර්ෂය අග වන විට වැඩි වී ඇති ප්‍රමාණය ගණනය කර බැලිම .
  1. 2018 වර්ෂ‍ය තුළ වසම තුළ80%කෘමි නාශක භාවිතය 2020 වන විට අඩු කර ඇතිප්‍රතිශතය මැන බැලිම .
  1. 2018 වසරේ අග භාගයේදි 20% වු කාබනික පොහොර භාවිතය 2020 මුල්  භාගය වන විට වැඩි කර ඇති ප්‍රතිශතය මැන බැලිම .
  1. 2018 වර්ෂයේ වලපනේ කොට්ඨාසයේ කෝපි සංගම් දෙකක ප්‍රමාණය 2020 වන විට කොපමණ ප්‍රමාණයක් දක්වා වැඩි කර පිහිටුවා ඇත් දැයි ගණනය කර බැලිම .
  1. 2018 වර්ෂය තුළ වසම තුල නඩත්තු කරන 10,000 ක් වන තවාන් පැළ සංඛ්‍යාව 2019 වර්ෂ‍ය අග භාගය වන විට වැඩි කර ඇති ප්‍රමාණය ගණනය කර බැලිම .
  1. 2018 වසරආරම්භයේදි වසම තුළ ලබා ගත් කෝපි ඵලදාව 2020 වන විට වැඩි කර ගෙන ඇති ඵලදා කෝපි ප්‍රතිශතයමැන බැලිම .

12 ව්‍යාපෘතියේ මෙහෙයුම් යාන්ත්‍රණය

(MonitoringMachanismOfThe Project)

කෝපි ව්‍යාපෘතියේ ආරම්භක ලක්ෂය වන නව වගාවට කෝපි ඉඩම් හදුනා ගැනිමේ සිට ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වන අවුරුදු දෙකකකාලයක් සදහා සහ ඊට පසු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා නිශ්චිත සමිතියකට හෝ නායකත්වයකට පවරණ තුරුම මෙහෙයුම් යාන්ත්‍රණයක්‍රියාත්මක විය යුතුය .

මේ සියළු කාර්යන් සදහා ග්‍රාම නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කම්ටුවක් පත් කෙරේ  . මෙම කමිටුවට

  1. ග්‍රාම නිලධාරි
  2. සංවර්ධනනිලධාරි
  3. කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර
  4. සමෘද්ධි සංවර්ධන නිලධාරි
  5. කෘෂිකර්ම උපදේශක
  6. ප්‍රතිලාභින් 07 (කාන්තාවන් 3 ක් හා පිරිමි  04  )
  7. සුළු අපනයන භෝග ව්‍යාප්ති නිලධාරි
  8. වසමේ පළාත් පාලන මහජන නියෝජිතවරයා
  9. අපනයනසංවර්ධන නිලධාරි

 සියළු ගමිවාසින් කැදවා රැස්වීමකදි ඔවුන් ඉදිරිපිටදී පත් කර ගත යුතුය.එහිදී සකස් කර ඇති තොරතුරු ඔවුනට ඉදිරිපත් කර ව්‍යාපෘතියේ වැදගත්කම හා ප්‍රතිලාභය පිළිබදව ගොවින් දැනුවත් කිරිමත්,කාලරාමුව ගොවින් සමග සාකච්ඡා කිරීමත් කළ  යුතුය .

තෝරා ගත් නිශ්චිත කාලයක් තුළ සමීක්ෂණ පෝරමයක්  මගින් ඉඩමි විස්තර හදුනාගෙන  වසමට යෝග්‍ය නව වගා කල හැකි ඉඩම් සැලැස්මක් පිඹුරු අංක / දිමනා බලපත්‍ර අංක සමග සකස් කෙරේ . මේ සදහා පිහිටුවා ඇති උඩරට රන් කෝපි සමිතියේ නිලධාරින් තිදෙනා ග්‍රාම ශක්ති කෝපි පර්ෂදයේ නිලධාරින්ද  වන බැවින් ඔවුන්ද සහභාගි කර ගැනේ . මෙම සියළු නිලධාරි කාන්තා නිලධාරි වන බැවින් කාන්තා නියෝජනය ප්‍රබල වේ .

03 . තවාන සකස් කිරිම -

මේසදහා සුළු අපනයන ව්‍යාප්ති නිලධාරිගේ සහය ලබා ගෙන තවාන් නිෂ්පාදනය සදහා තවාන් කරුවෙකු ලියාපදිංචි කිරිමත් තවානට සුදුසු ඉඩමක් (යට්තල පහසුකම් සහිත ) තෝරා ගැනිමක් සිදු කෙරේ .මෙයද මෙහෙයුම් කමිටුවේ අධීක්ෂණය මත සිදු කළ යුතුය.

තවානට අවශ්‍ය වැලි සහ බීජ  ආදිය ලබා ගැනිම සදහා අදාල ආයතන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිතිමය තත්ව මත කටයුතු කල යුතු වේ . මින්පසු තවාන ආරම්භයේ පටන්  තවානේ පැල ක්ෂේත්‍රය තුළ සිටුවන තුරුම සුළු අපනයන ව්‍යාප්ති නිලධාරි සමග සබදතා පවත්වමින් අවශ්‍ය උපදෙස් තාක්ෂණික ක්‍රම මත තවාන නඩත්තු කල යුතු වේ. මෙම සෑම කාර්යක්ම නිශ්චිත කාලරාමුවක් තුළ සිදුවන්නේදැයි මෙහයුම් කමිටුව මගින්සොයා බැලිය යුතු වේ .

04 . මාස 6 ට පසු තවානෙන් ලබා ගන්නා පැළ මුලින් සකස් කළ ඉඩමි විස්තරය අනුව ඒ ඒ ඉඩමට අවශ්‍ය පැළ ප්‍රමාණය නිශ්චිත සාධක මත එනමි සමිපුර්ණයෙන්ම නොමිලේද 50 % දායකත්වය මතද යන්න සලකා ගොවින්ට ලබා දිය යුතුය . වලවල් වල ප්‍රමාණය පැළ අතර පරතරය පේලි අතර පරතරය පිළිබදව ගොවින් දැනුවත් කර නියමාකාරයෙන් පැළ සිටුවන්නේද යන්න පරික්ෂා කලයුතුය .

05 . ව්‍යාපෘතියේ සෑම ක්‍රියාකාරකමක්ම අවසානයේ අපේක්ෂිත ඉලක්කය කරා එනම් ගොවින්ගේ ආදායම අපේක්ෂිත මට්ටමට ඉහල නැංවිම අරමුණු වන්නේදැයි හා කාර්යයන් නියමිත දිනට ඉටුවන්නේදැයි සොයා පිළියම් යෙදිය යුතුය . මේ සදහා

  • ලිපි මගින් තොරතුරු ලබා ගැනිම .
  • ක්ෂේත්‍ර නිරික්ෂණ චාරිකා
  • පැමිණිලි පෙට්ටි සහ SMS මගින් තොරතුරු ලබා ගැනිම .
  • මෙහෙයුම් සාකච්ඡා පැවැත්වීම . (මාසික ප්‍රගති සමාලෝචනරැස්වීම පැවැත්වීම)

විශේෂයෙන් රාජ්‍ය නිලධාරින් වසමෙන් ස්ථාන මාරු විය හැකි බැවින් ඒ සදහා කඩිනමින් අනුප්‍රාප්තිකයකු මෙහෙයුම් කමිටුවට අනුයුක්ත කර ගැනිමට කණ්ඩායම්සාමාජිකයන් කටයුතු කළ යුතුය .

06. සම්පුර්ණ ව්‍යාපෘති කාලය තුළදි ඒඒ කාලය තුළදි සම්පුර්ණ විඇති අරමුණු හා , අඩක් සම්පුර්ණ විඇති අරමුණු , සමග අරමුණින් සාධක කෙතරම් තත්වයක් බැහැර වී ඇත්දැයි අනිවාර්යයෙන්ම සාකච්ඡා කර පිළියම් යෙදිය යුතුය .

මේ සදහා කෝපි වගාව තුළ..............

  • වෙළදපොළ තත්වයන් වෙනස් වීම
  • පාර්ශව කරුවන්ගේ (Stakeholders) ගැටළු
  • පවත්නා නීතියට පටහැනිව කටයුතු කිරිම .
  • මුල්‍ය දායකයින් (Donar Agendes) ගේ අදහස් හා කොන්දේසි ඉටු නොවිම
  • සමාජ ආර්ථික , දේශපාලනික , ඉඩම් ගැටළු මතු වීම
  • ව්‍යාපෘතියට නිවැරදි නායකත්වයක් නොවීම
  • අවදානම කල් තබා කලමනාකරණය නොකිරිම

වැනි ගැටළු මතු විය හැක . මේ නිසා මෙහෙයුම් කමිටුව කල් තබා මෙවැනි ගැටළුවලට මුහුන දෙන ආකාරයට සුදානම්ව සිටිය යුතුය . අමතර සැළසුම් ගණනාවක් තිබිය යුතුය .

උදා : ප්‍රධාන වෙළද ගැණුම්කරු වෙළදාම අත්හැරියහාත් වෙනත් ආදේශකයකු සුදානමින් තබා ගැනිමට කෝපි සංගමය දැනුවත් කර තිබිය යුතුය . මෙම මෙහෙයුම් කමිටුවේ කාර්ය , ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වී ප්‍රතිලාභින් එහි ක්‍රියාවලියෙහි ඉදිරි මෙහෙයුම් හා නඩත්තුවේ වගකිමද භාර ගන්නා තුරුම අවසන් නොවේ .

13 ව්‍යාපෘතියේ ක්‍රියාත්මක යාන්ත්‍රණය

(ImplemantationMechanisimentOfTheProject)

01 . ක්‍රියාකාරකම  - වැඩි ඵලදාවක් ලැබෙන ප්‍රභේදක්ෂේත්‍ර‍යේ නව වගා ලෙස ඇති කිරිම .

  1. අනු ක්‍රියාකාරකම - නව වගා ඇති කළ හැකි ඉඩම් හදුනා ගැනිම .
  2. අනු ක්‍රියාකාරකම - නව තවාන් ඇති කර නව ප්‍රබේද ඇතිකිරිම .

මේ සදහා ආයතන ලෙස

  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • මිනින්දෝරු දෙපාර්තුමේන්තුව
  • සුළුඅපනයන භෝග ව්‍යාප්ති අංශය
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  • ගොවිජනසේවා දෙපාර්තුමේන්තුව

සම්බන්ධ කර ගැනේ .

සමික්ෂණය සදහා මසක පමණ කාලයක් ගත වේ . මේ සදහා දළවශයෙන් රු . ලක්ෂයක පමණ මුදලක් වැය වේ . හෙක්ටයාර් 118.5 ක් සමික්ෂණය කළ යුතුය .

 2 . ක්‍රියාකාරකම  - නව තවාන් ඇති කර නව ප්‍රභේද ඇතිකිරිම .

මෙහි අනුක්‍රියාකාරකමි රැසකි .ඒවා පහත පරිදි සවිස්තරාත්මකව දක්වා ඇත .

  1. පැළ ලක්ෂයක් සදහා ක්‍රියාත්මක සැලැස්ම සකස් කර ඇත .

ක්‍රියාකාරකම

සම්බන්ධ වන ආයතනය ස්වෙච්ඡා සමිතිය

කාලය

 

1.      තවාන් නිශ්පාදකයකු ලියාපදිංචි කිරිම .

සුළුඅපනයනභෝග ව්‍යාප්ත දෙපාර්තුමේන්තුව

අවසන්

-

2.      සුදුසු ඉඩමක් තෝරා ගැනිම

එම

අවසන්

-

3.      තවාන් පාත්ති සකස් කිරිම දිග අවශ්‍ය තරමි පළල අඩි 20 X 60 = 1200 (වර්ග අඩි )පැළ 100,000 ට වැලි කියුබ් 10

එම

සති 05

පුද්ගලයන් දෙදෙනකු වැඩ කළේ නම් දිනකට රු : 1,000 බැගින්

දින 45 Xරු :2,000 =රු : 90,000

වැලි සහ ප්‍රවාහනය සදහා

රු: 100,000+රු: 20,000 =රු :120,000

රු : 210,000

4.      කෝපි පැළ ඇසුරුමි බෑග් වල සිටු විම .

එම

සති  06

කාබනික පෙහොර රු: 25,000

මතුපිට පස්             රු : 2,000

වැලි                       රු : 50,000

ශ්‍රමය                      රු : 90,000

උපකරණ මිළදි ගැනිම් රු:8,000

රු :  175,000  

 රු :  175,000 + රු : 210,000 =රු :385,000

දළ වියදම පැළ 100,000 ක් සදහා

ක්‍රියාකාරකම

සම්බන්ධ වන ආයතනය ස්වෙච්ඡා සමිතිය

කාලය

 

5.      ආරක්ෂිත ගෘහයක් සදහා

එම

 

Fire Guard Net- රු: 66,000

පොළිතින් බෑග් ගේජ් 200 පළල 5" උස 8"                     =                            = රු : 300,000

සැකිල්ල                  = රු :120,000

ශ්‍රමය                       = රු :   50,000

එකතුව                    = රු : 536,000

6.      කෝපි බිජ සපයා ගැනිම

එම

සති 01

බීජ කිලෝ 25

 රු :125,000

7.      කෝපි තවානට යන දළ මුළු වියදම පැළ 100,000ක් සිටු විම සදහා

   

රු , 10,46,000

03 . ක්‍රියාකාරකම  - කෝපි පැළස්ථාවර මිලක් යටතේ  ගොවින්ට ලබා දීම .

තවානෙන් ගත් කෝපි පැළ ඉඩම් වල ප්‍රමාණය අනුව අක්කර 1/4කට පැළ 300 ක් වන සේ එක් පැළයක් රු 14 /- ක  ස්ථාවර මිලක් යටතේ  ගොවින්ට ලබා දි ක්ෂේත්‍රය තුළ සිටු විය යුතුය . පැළ අතර හා පේළි අතර 6 X 6 අඩි පරතරයක් ඇතිව සුළුඅපනයන ව්‍යාප්ති නිලධාරියා ගේ මෙහෙය විම යටතේ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වන මහ කන්නයේ සැප්තම්බර් සිට මාර්තු දක්වා කාලය තුල පැළ සිටුවා අවසන් කළ යුතුය . දළ වශයෙන් 50 % දායකත්වයට නම් පැළ 300 ට නම් රු . 2,100 ක වියදමක් ගොවියා දැරිය යුතුය .

අනු ක්‍රියාකාරකම  - උපකරණ මිළදි ගත යුතුය .

එනමි

ලීටර් 09 මල් බාල්දි 02 = රු2,000

ලීටර් 15 ස්ප්‍රේ යන්ත්‍ර 01= රු 6,000                                                                                                                   

                                 = රු  8,000     

04 . ක්‍රියාකාරකම - නඩත්තුව හා දැනුවත් කිරිම

පැළ සදහා අපනයන කෘෂි දෙපාර්තුමේන්තුවේ සෘජු අධික්ෂණය මත පුහුණුවිම් සමග පැළ නඩත්තු කළ යුතුය . පුහුණු කිරිම සදහා සමිපත් දායකයන් සපයා ගත යුතුය . මේ සදහා ඔවුනට දෛනික දිමනාවක් ගෙවිය යුතු වේ . මේ අයුරින් අවුරුද්දක කාලයක් ගස නඩත්තු කර පළමු අවුරුද්දේ  පිපෙන මල් ඉවත් කර පාලනය කළ යුතුය . දෙවන අවුරුද්දේ අග භාගයේදි  ඇරබිකා ලක් පැරකුමි ප්‍රභේදයේඑක් ගසකින්  කි.ග්‍රෑම් 1 ක වියළි කෝපි අස්වැන්නක් ලබා ගත හැකි වනු ඇත . මෙය නඩත්තු ක්‍රමවේදය මත ක්‍රමානුකූලව අස්වැන්න වැඩි වනු ඇත .

05 . ක්‍රියාකාරකම - වගාවටහානිවන සතුන් ඉවත් කර හිතකර සතුන් වගාවට ආකර්ශනය කර විම .

  1. අනු ක්‍රියාකාරකම  -

බදිරිගුල්ලාගේ හානිය පාලනය කල යුතුය . මේ සදහා සුළුඅපනයන ව්‍යාප්ති නිලධාරිගේ උපදෙස් ගත යුතුය .

  1. අනු ක්‍රියාකාරකම  -

මි මැසි ජනපද සංඛ්‍යාව වැඩි කිරිම . කෘෂිකර්ම උපදේශක තුමන්ගේ උපදෙස් මත මී මැසි  පෙට්ට් ලබා ගත යුතු වේ .

එක් පෙට්ටියක වටිනාකම රු : 1,500  පෙට්ටි 100 Xරු : 1,500= රු : 150,000

ජනපදයක් රු : 2,000 බැගින් පෙට්ටි 100 ක් සදහා =  රු : 200,000

මි මැසි පාලනය සදහා  වියදම = රු : 350,000

නමුත් මාස 2-3 යන විට මි මැසි ජනපද වලින් පැණි සපයා ගත හැකි අතර බෝතලයක් රු: 1,500 කට අළෙවි කළ හොත් පළමු මාස 6 තුළ පෙට්ට් සදහා ගිය වියදම සපුරා ගත හැකි වනු ඇත . මි මැසි ක්‍රියාකාරිත්වය සමග දෙවන අවුරුද්දේ සිට කෝපි පරාගණයද සක්‍රියව  සිදු වනු ඇත .

14 . පවත්වා ගැනිම හා නඩත්තුව (Operation & Maintenance)

කෝපිවගාව පවත්වාගෙන යන්නේ පුද්ගලිකවම ගොවින් සතු ඉඩම් වල වේ . නමුත් එම වගාවන් නඩත්තුවටද සැලකිය යුතු මුදලක් වැය වේ .

බෑවුම් සහිත ඉඩම් වල පස සෝදා ගෙන යෑම වැලැක්විමට කටයුතු කල යුතුය . කෝපි ශාක වල මූල මණ්ඩලය පෑදිම මගින් දිලිර රෝග සෑදිමට මෙන්ම ඵලදාව අඩුවීමටද හේතුවක් වේ . මේ සදහා වසරකට ඉඩම් වල ගල් බැමි ඉදි කිරිමට රුපියල් 50,000 ක පමණ මුදලක් වසර 5 කට එක් වරක් දැරිමට සිදුවනවා ඇත .

ඵල නොදරන අතු (දියරිකිලි) කප්පාදුවද සිදු කළ යුතුය . මේ සදහා සුළුඅපනයන භෝග ව්‍යාප්ති නිලධාරිනියගේ උපදෙස් ලබා ගත යුතුය . මේ සදහා ද වසරකට රුපියල් 5,000 ක් පමණ ශ්‍රමයට තීරණය කල හැක .

කෘමි උවදුරු මර්දනය සදහාද හා දිලිර  රෝග මර්දනය සදහාද විවිධ ප්‍රතිකර්ම යෙදිය යුතුය . මේ සදහාද අදාල නිලධාරින්ගේ උපදෙස් අනුගමනය කල යුතුය . වසරකට රුපියල් 5,000 ක පමණ වියදමක් එක් පුද්ගලයකුට දැරිය යුතුය .

වසරක පමණ කාලයකට තම වගා බිමේම ශ්‍රමදායකත්වය සදහා දළ වශයෙන් සතියකට දින 01 බැගින් දින 52 ක් වැය කලත් දිනකට රු : 1,000 බැගින් ගණන් බැලුවේ නමි රු :52,000 ක ශ්‍රම වටිනාකමක් ගණනය කළ හැක .

15 . ව්‍යාපෘතිය මගින් ස්ත්‍රි පුරුෂ අසමානතාවයට කරන බලපෑම

(Affects On Gender Discrimination)

කෝපි ව්‍යාපෘතියේ ස්ත්‍රි පුරුෂ අසමානතාවය අවම කර ඇති ආකාරය අදියර 03න් පැහැදිලි කළ හැක .

01 . මෙහෙයුම් කමිටුවේ සංයුතිය

පුරුෂ                                                                               ස්ත්‍රි

                                                                                               

  1. ග්‍රාම නිලධාරි                                                   1 සංවර්ධන නිලධාරි
  2. කෘෂිකර්ම උපදේශක                                        2 සුළුඅපනයන භෝග ව්‍යාප්ති නිලධාරි
  3. මහජන නියෝජිතයා                                         3 දිවි නැගුම සංවර්ධන නිලධාරි
  4. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි                            4 අපනයන සංවර්ධන නිලධාරි

උඩරට රන් කෝපි සමිතියේ ප්‍රධාන නිලධාරින් තිදෙනාම කාන්තාවන් වන අතර එම කාන්තාවන්ම  ග්‍රාමශක්ති ව්‍යාපාරයේ කෝපි පර්ෂදයේ නිලධාරින්ද වේ .

  • කමිටුවේ තෝරා ගත් පුරුෂ පාර්ශවයේ 04 ක් වේ .
  • කමිටුවේ තෝරා ගත් ස්ත්‍රි පාර්ශවයේ 03 ක් නියෝජනය වේ .
  • මෙවිට මෙහයුම් කමිටුවේ සංයුතිය පුරුෂ 7 : ස්ත්‍රි 8 ක් වේ .

02 . සෘජුප්‍රතිලාභින් - පවුල් 362 ක ජනගහණය ස්ත්‍රින් 630 ක් සහා පුරුෂ 610 ක් වේ . මෙය දළ වශයෙන් 1:1 අනුපාතයක් ලෙස සැළකිය හැක .

03  . වසමෙ ව්‍යාපෘතිය හා සේවය කරන ප්‍රතිලාභින් ගත් විට -

  • කෝපි එකතු කරන්නන් -පුරුෂ 18 - ස්ත්‍රි - 09
  • කෝපි ප්‍රවාහනය කරන්නන් -පුරුෂ 10
  • කෝපි තවාන් සකස් කරන්නන් -පුරුෂ 10 -ස්ත්‍රි - 10
  • කෝපි තෝරන්නන්- ස්ත්‍රි 20එකතුව -පුරුෂ 38 -ස්ත්‍රි- 39

මෙයද අනුපාතයක් ලෙස දළ වශයෙන් 1:1 පමණ වේ . මේ අනුව මෙම ව්‍යාපෘතියේ සැකැස්ම අනුව ස්ත්‍රින් හා පුරුෂයන් සමානව නියෝජනය වන ආකාරය පැහැදිලි කළ හැක . රාජ්‍ය නිලධාරින් ස්වේච්ඡා සමිති නිලධාරින් මෙන්ම සෘජු හා වක්‍ර ප්‍රතිලාභින්ද සම්පුර්ණ එකතුව1:1  අනුපාතයට දළ වශයෙන් සැළකිය හැකි මට්ටමක තිබිම මගින් ස්ත්‍රි පුරුෂ අසමානතාවය දුරලිමට ඉතා යෝග්‍ය ව්‍යාපෘතියක් ලෙස සැකසි ඇති බව පෙන්නුම් කළ හැක . සියළු ක්‍රියාකාරකම් වලට ස්ත්‍රින්ට හ පුරුෂයන්ට සමානව දායක විය හැකි අවස්ථා යෙදේ . කෝපි පැළ සිටුවීම , අස්වනු නෙළිම , ආදි සියළු කටයුතු සදහා පවුලේ ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ශ්‍රම විභජනයක් තුළ කටයුතු කළ හැක .

16  . පරිසර සුරකිම සදහා ව්‍යාපෘතියේ  බලපෑම

පස සාරවත් වීම . (Soil Quality)

කෝපි වගාව මගින් හිරු එළිය සෘජුව පොළොවට වැටිම වැළැක්වීම මගින් පසට හිතකර බැක්ටීරියා සහ කුෂුද්‍ර ජිවින් විනාශ වීම වළක්වාලයි . එය පසේ සාරවත් බව ආරක්ෂා කර ගැනිමට බලපායි . (N2තිර කරන බැක්ටීරියා )

ඔක්ෂිජන් පරිමාව තුලිතව තබා ගැනිම .

ජල දුෂණය වැළැක්විමට (Water Pollution & Contamination) හා විෂ ද්‍රව්‍ය පවිත්‍ර කරණයට කෝපි භෝගය විශාල  සේ දායක වේ . විෂ අවශෝෂණය කර ගෙන ගස තුලදි කාබනිකකරණයට ලක් කොට පරිසරයට ඔක්ෂිජන් මුදා හරි . එනම් පරිසරය තුල ඔක්ෂිජන් පරිමාව තුලිතව තබා ගැනිමට කෝපිභෝගය දායක වේ .

අතුරු කඩනය වැළැක්ව්ම .

කෝපි යටිවගාවක් ලෙස ක්‍රියාත්මක විම තුළින් වර්ෂාව භූමියට සෘජුව වැටිම වළක්වා ගස මගින් පොළොව සහ ජලය සම්බන්ධ කෙරේ. එමගින් පස සෝදා යාම , නාය යාම අවම වේ .

කාබනික පොහොර නිෂ්පාදනය-Organic fartilizer

කෝපි වල ඉවතලන ද්‍රව්‍ය (Waste) යොදාගෙන කාබනික පොහොර මහා පරිමානයෙන් නිපදවිය හැක .

පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරිම (ASustainableAlternative)

ඇමරිකාවේ බ්‍රයින්ඩින් ඇසෝෂේෂන් (ABA) සමික්ෂණය කර ඇති පරිදි කෝපි වගාවේ නිදහස් සෙවන පක්ෂින්ට හා අනෙක් තෙතමනය සහිත පරිසරයේ නිවාස තැනිමට කැමති සතුනට බෙහෙවින් උපකාර වන බවත් එමගින් පරිසර සමතුලිතතාවය ඇති කරන බවත් සොයා ගෙන ඇත .කෝපි වගාවේ මතුපිට පස් ස්තරය (ToPSoil) වනාන්තර වල ගැවසෙන සර්පයන්ට හා මකුළුවන්ට උචිත පරිසර තත්වයක් ඇති කරන බවත් මෙම සතුන් පරිසර සමතුලිතතාවයට බෙහෙවින් උපකාරි වන බවත් මෙම ආයතනය දක්වා ඇත .

හරිතාගාර ආචරණයට විරුද්ධව ක්‍රියාත්මක විම (Green House Effect)

මහා පරිමාන වගාවක් ලෙස ක්‍රියාත්මක කිරිම තුලින් ප්‍රධාන හරිතාගාර වායුව වන CO2තිරකොට  ප්‍රභාසංස්ලේෂණය මගින් O2මුදාහැරිම සක්‍රියව සිදු කළ හැක . එමගින් පෘථිවිය උණුසුම් වීමද අවම කල හැක . "වස වි‍සෙන් තොර ලංකාවක් " තේමාව සඵල කර ගැනිම .

කෝපි වගාවට පොහොර අවම ලෙස භාවිතා කිරිම නිසා පළිභෝධනාශක , කෘමිනාශක යෙදිමට යන මුදල් ඉතිරි විමත් පරිසර දුෂණය අවම විමත් සිදු වේ .08. කෝපි භෝගය හා මී මැසි පාලනය

මෙම කරුණු දෙක අතර ඇති සබැදියාව මත කෝපි ඵලදාව වැඩි වන අතර මී පැණි නිෂ්පාදනය වැඩි වේ මි මැසි ගහනය වැඩි විම අනෙක් සියඵ භෝග වල පරාගනයටද බලපාන බැවින් නිෂ්පාදනය ඉහළ යාම අමතර වාසියකි .

කාන්තාරකරණය (Desertification) වීම වළකි .

කෝපි සහජීවී වගාවකි . විශේෂයෙන් කෙසෙල් වගාවේ යටි වගාවක් ලෙස වගා කළ හැක . එමගින් හිරු එළිය සෘජුවට පොළොවට නොවැටේ . පසේ තෙතමනය ආරක්ෂා වේ . භූමිය කාන්තාකරණයට ලක් වීම වැලකේ .

වන ගහණය වැඩි කිරිමට කෝපි භෝගය භාවිතා කළ හැකි වීම 

මුළු බිම් ප්‍රමාණයෙන් 1990 වසර වන විට වන ගහණය පැතිරි ඇති බිම් සංඛ්‍යාව 36.42 % කි . එය 2015 දි 33 . 01 % දක්වා අඩු වි ඇත . මෙම ප්‍රමාණය ඉහළ දැමිමට ඵලදාවක් සහිත රොබස්ටා කෝපි ප්‍රභේදය වගා කළ හැක . මෙය යම් තරමක ප්‍රතිශතයක් හෝ වනාන්තර වැඩි කිරිමට හේතු කාරක වේ .

පරිසරය ප්‍රිය මනාප වීම .

කෝපි මල් වල සුවද පරිසරයට මුසු වීම මගින් පරිසර ප්‍රසන්නතාවය ඇති වේ . මෙය මානසික සුවයටද හේතුවක් වේ .

News & Events

28
Aug2017

Divisional Coordinating Committee meeting (DCC) on 2020.01.

* Walapane Divisional Coordinating Committee Meeting is...

28
Aug2017
Special Dengue Control Meeting to discuss Dengue Action Committees

Special Dengue Control Meeting to discuss Dengue Action Committees

A special dengue control meeting was held...

Scroll To Top