උපාය මාර්ගික සැලැස්ම  2019/2020 - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලපනේ

01 හැදින්වීම

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශයට මායිම්ව වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.කොළඹ සිට ඇති දුර කි.මි. 180 කි.කොට්ඨාශයේ දකුණු ප්‍රදේශයට වන්නට ඉතා උස් වූ නිම්න හා සානු දක්නට ලැබෙන අතර උතුරු ප්‍රදේශයට වන විට මහවැලි ගංගා නිම්නය ආශ්‍රිතව දැඩි බෑවුම් සහ තැනිතලා ප්‍රදේශ දක්නට ලැබේ. උන්නතාංශයේ අසමාන තාවය හේතුවෙන් දකුණු  ප්‍රදේශයේ ශීත දේශගුණයක් පවතින අතර උතුරු ප්‍රදේශයට වන්නට ක්‍රමයෙන් උණුසුම් දේශගුණ තත්වයක් පෙන්වයි.පාංශු නිර්මාණය ගත් විට ප්‍රධාන වශයෙන් චානෝකයිට්ස් හා චානෝකයිටික නයිස් පාෂානයෙන් යුක්තය.රතු හා කහ පොඩ්සොලික් පස ද කලාතුරකින් රතුවන් දුබුරු ලැටරික් පස ද දැකිය හැකිය.ප්‍රදාන වශයෙන් කෘෂිකාර්මික ජීවන රටාවක් මෙම  කොට්ඨාශයේ දක්නට ලැබේ.

වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ භූගෝලීය පිහිටීම සැලකූ විට ඉතා විශාල පරාශයක විහිදේ.මධ්‍යම කදුකරයේ විවිධ දිශාවලට විහිදෙන කදුවැටි රාශියකින් සමන්විත අතර මනරම් කදු වලල්ලකින් වටවී ඇත.මහකුඩුගල වැඩිම උච්චත්වය ඇති ප්‍රදේශය වන අතර රංදෙණිගල අඩුම උච්චත්වය ඇති ප්‍රදේශ  වල උච්චත්වය පිළිවෙලින් මීටර් 2097 ක් හා  මීටර් 233 ක් වේ.

            වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුන්පැත්තකින් ගංගා 3කින් මායිම් වේ.උතුරු දිගින් මහවැලි ගගෙන්ද බටහිර දිගින් බෙලිහුල් ඔයෙන් ද නැගනහිරින් ඌමා ඔයෙන් මායිම් වේ.  දැනට මහවැලි ගග හරස්කොට රංදෙනිගල ජලාශය ඉදි වී ඇති බැවින් මහවැලි ගග පැහැදිලිව දැක ගත නොහැකිය. බෙලිහුල් ඔය පිදුරුතලාගල කදු වැටියේ උතුරු දිශාගතව ආරම්භ වන මෙය ප්‍රධාන වශයෙන් නාපටවෙල ,මුංවත්ත ,ආදාවෙල කදුරුවලින් ප්‍රධාන වශයෙන් පෝෂණය වී ළිහිණියාගල ප්‍රදේශයේ දී  රංදෙණීගල ජලාශය හා එක් වේ.වලපනේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මායිම් වන්නේ මෙම ඔය මගිනි.ඌමාඔය-බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරාවෙල කදු ප්‍රදේශයෙන් ආරම්භ වන උමාඔය බොලගන්දාවෙල ප්‍රදේශයේ දී වලපනේ කොට්ඨාශය හා සම්බන්ධ වී රංදෙනිගල ජලාශයට පහලින් ඇති රංටැඹේ ජලාශයේ දී මහවැලි ගග හා එක්  වේ. වලපනේ දකුණූ මායිමේ පිහිටි කුරත්ත කන්දේ දකුණු දෙසින් ඕබඩ ඹය හා උතුරු දෙසින් හල්ග්‍රන්ඹය ආරම්භ වේ.ඊසාන දිසා ගතව ගලා බසින මේවා රූපහ කොන්ගොවත්ත කැටවලහින්න ප්‍රදේශයේ දී එකතු වී මඩුළු ඔය නිර්මාණය  වේ.මහකුඩුගල ප්‍රදේශයෙන්  ආරම්භ වන කුඩා ඹය ද මඩුල්ල  ප්‍රදේශයේ දී මඩුළු ඔයට එකතු වේ.මඩුළු ඔය බොලගන්දාවෙල දී ඌමාඔය හා සම්බන්ධ වේ. කුරුදු ඔය-පිදුරුතලාගල කදුවැටියෙන් ආරම්භ වී කොට්ඨාශයේ මැදින් ගලාගොස් මහවැලි ගග හරස් කොට ඉදිකර ඇති රංදෙනිගලජලාශය හා එක් වේ. මහඌවවත්ත ,වැරැල්ලපතන,එගොඩකණ්ද,තිබ්බටුගොඩ.අමුණුමුල්ල.කලගන්වත්ත.ගල්කැටිවෙල යන ස්ථාන වලින් ආරම්භ වන කුඩා ජල කඳුරු කීපයක් මෙම ඔය හා සම්බණ්ධ වේ.

භූමි ප්‍රමාණය                                        :- 304km2

මුහුදු මට්ටමේ සිට උස                          :- 300- 1800m

වාර්ෂික වර්ෂාපතනය                            :- 2500-3500 mm

උෂ්ණත්වය                                           :- 18.8Co

සාපේක්ෂ ආර්ද්‍රතාවය                           :- 85%

රාම රාවනා පුරාවෘත්තයට අනුව රාවනා රජු රාම කුමාරයාගෙන් සිතා කුමරිය පැහැරගෙන වලපනේ ප්‍රදේශයට පැමිණ ඇත.සීතා කුමරියට රාම කුමාරයාගෙන් වෙන් වීම යා තමා අප්‍රිය කළ රාවනා රජු සමග වාසය කිරිමට සිදු විමත් නිසා සීතා කුමරිය ශෝකයෙන් වැළපුන ස්ථානය පසු කාලයේ දී වලපනේ නම් විය.විජය කුවේනි කතා පුවතට අනුව විජය කුමරුන් විසින් කුවේනියගේ පිරිස් විනාශ කරන ලදි.විජය ඇතුලු පිරිසට වාලි නැමුති යක්ෂයා හමු වූ සහ එම යක්ෂයා විනාශ කර දැමු ස්ථානය පසු කාලයේ වලපනේ ලෙස ව්‍යවහාරයට එක් විය.

            වලපනේ රූපහ ග්‍රාමයට යාබදව කොටඹේ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක නීලගරුඩ නම් පාෂාණයක් ඇති අතර කැළය තුල ඇති පාෂාණය යන අරුත් ඇතිව මෙම ප්‍රදේශය වලපනේ නම් විය.එමෙන්ම වලවල් පනහක් ඇති හෙවත් වල ගොඩනැගිලි කදු මිටියාවත් වලින් යුක්ත බැවින් මෙම ප්‍රදේශය වලපනේ නම් වූ බව විසි වසරක් සිරකරුවෙක් ලෙස මෙරට ගත කල රොබට් නොක්ස් විසින් රචිත ග්‍රන්තයේ සදහන් වේ.වලපනේ ඓතිහාසික තොරතුරු විමසිමේදී ඉතිහාසය රාම රාවනා පුරාවෘත්තය තෙක් විහිදෙන බව ජනප්‍රවාද හා තොරතුරු මගින් අනාවරණය වේ.රාවනා රජු විසින් දඹදිව සිට පැහැරගෙන එනු ලැබූ රාමාගේ රූමත් සීතා දේවි සගවා තබන ලද්දේ නුවරඑළියට ආසන්න ප්‍රදේශයක් වන සීතා එළිය ප්‍රදේශයේ බව සදහන් වේ.

රාක්ෂ යුගයේ දී රාවනාගේ දුර්ග නගරය කදුරට පිහිටි නුවරඑළිය යයිද, රාම රාවනා යුද්දයේදී රාවනා සංහාරය සිදුවූයේ වලපනේ කදුරට ප්‍රදේශවල යයිද ජනප්‍රවාදයේ සදහන් වේ.මේ නිසා ශිව භක්තිකයන් වලපනේ ප්‍රදේශය ශුද්ධ භූමියක් ලෙස සලකා ඇත.වෛද්‍ය ශාස්ත්‍රයෙහි  ශූරයෙකු ලෙස සැලකෙන රාවනාගේ මෘත දේහය නරක් නොවී එලෙසින්ම පවතින්නේ යයිද,එය වලපනේ මහකුඩුගල පර්වත අභ්‍යන්තරයේ සගවා ඇතැයිද විශ්වාස කෙරේ.රාවනාගේ මෘත දේහය නරක් නොවන ලෙස බෙහෙත් ගල්වා බෙහෙත් ඔරුවක බහා තැම්පත් කර ඇතැයි ජනප්‍රවාදයේ සදහන් වේ.හග්ගල ප්‍රදේශයේ රාවනාගේ ඹෟෂධ උයනක් තිබී ඇති අතර දුර්ලභ ගණයේ ඹෟෂධ සහිත ඔසු උයනක් මහකුඩුගල පර්වත මස්තකයේ තිබුනේ යයිද  ඊට යාබදව පළතුරු උයනක් තිබුනේ යයිද සදහන් වේ.මෙම උයනේදී පළතුරු කෑ හැකි වූවත් පළතුරු පිටතට ගෙන යා නොහැකි  බවත් එසේ පළතුරු ගෙන යන අය කැලයේ අතරමං වන බවත් ජනප්‍රවාදයේ සදහන් වේ.

වලපනේ රූපහ ප්‍රදේශයේ පිහිටි අති දුර්ලභ නීල ගරුඩ පාෂාණය ද රාම සීතා ප්‍රවාදය හා බැදේ.රාමාගෙන් වෙන් වීමේ ශෝකයෙන් ආහාර අනුභවය වර්ජනය කල සීතාට උග්‍ර බඩේ අමරුවක් වැළදුන අතර එය සුවපත් කරන්නට හනුමන්තා දඹදිව සිට සිට ගෙන ආ ඖෂධ පාෂාණ කැබැල්ලේ ඉතිරිය ලියලා වැඩි නීල ගරුඩ පාෂාණය නිර්මාණය වූයේ  යැයි මතයක් පවතී.   ඈත අතීතයේ සිටම වලපනේ ප්‍රදේශය කණ්ද උඩරට රාජධානිය හා සුවිශේෂි සම්බන්ධතාවයක් පැවතුණු බවට පිළිගත සාක්ෂි ඇත.ජෝන් ඩේවි නම් ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයාගෙන් ලංකා ඉතිහාසය නම් ග්‍රන්තයේ සදහන් වන පරිදි ක්‍රි.ව.1355-1370 දක්වා  ගම්පල රාජධානියේ රජ කල තුන්වන වික්‍රමභාහු රජුගේ බිසව වූ හෙන කද බණ්ඩාර දේවිය විසින් ඉදිකරන ලද ඇළ මාර්ගයක් වර්ථමානයේදී ද මුල්හල්කැලේ  ප්‍රදේශයේ දී හමු වේ.එමප්‍රදේශයට මුල්හල්කැලේ යන නාමය ලැබී ඇත්තේ ද මේ අනුවය.

පළමුවන විමලධර්ම රජුගේ අගබිසව වන දෝන කතිරිනා කුමරිය පෘතුග්‍රීසි පාලන සමයේ ගැබ්ගෙන සිටි නිසා යුද්ධයට බියෙන් පැනවිත් තෙරිපැහැ ප්‍රදේශයේ සැගවී සිටි බවද ජනප්‍රවාදයේ   සදහන් වේ.ඇයට බිහි වූ කුමරා දෙවන රජසිංහ නමින් පසු කලෙක මහනුවර රාජධානියේ රජ වූ බව ඉතිහාසය කියා පායි.තවද වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ තෙරුන් වහන්සේලා වැඩ සිට අතර උන් වහන්සේලා වැඩ සිටි ස්ථානය “ථේරප්‍රසාද”යන නමින් හදුන්වා ඇති අතර පසු කාලීනව එම ස්ථානය  “තෙරිපැහැ” වු බව ජනප්‍රවාදයේ සදහන් වේ.උඩරට රාජධානි සමයේ මෙම ප්‍රදේශයේ රජ මාළිගා තිබී ඇති  අතර දැනට එම ස්ථාන “උඩමාදුර ” “යටිමාදුර” නමින් හදුන්වයි.බටහිර ජාතීන්ගේ පාලන සමයේදී විශේෂයෙන් යුදමය ආරක්ෂාව පිණිස මෙම මාළිගා දෙවන විමලධර්මසූරිය,දෙවන රාජසිංහ  හා සෙනරත් යන රජවරු පරිහරනය කළ බව ඉතිහාසයේ සදහන් වේ.

හරස්බැද්ද ප්‍රදේශයට නුදුරුව පිහිටි හාල්මි වැව ආශ්‍රිතව රාම රාවණා යුද්ධය ඇතිවූ තැන බවත් එම ස්ථානයේ බලකොටුවක් තිබූ බවත් සදහන් වේ.යුද්ධයෙන් පසුව බෙලි ගොඩ කළ ස්ථානය “තිබ්බටුගොඩ” ලෙසත් කදන් ගොඩ කළ ස්ථානය “එගොඩකන්ද” ලෙසත් සතුරන්ගේ ලේ ගලාගොස් එක්රැස් වූ ස්ථානය “ලැවැල්ලගොල්ල” ලෙසත් පසු කාලීනව ජන ප්‍රවාදයට එක්ව ඇත.           වලපනේ ප්‍රදේශයේ අතීතයේ සිටම මොණරාගේ සලකුණ සහිත කොඩිය භාවිත කර ඇත.පුරාණයේ මෙම ප්‍රදේශ ඝන වනාන්තර සහිතවූ අතර මොණරුන් බහුලව විසීම හේතුවෙන් වලපනේ කොඩිය සදහා මොණරාගේ සලකුණ යොදන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ක්‍රි.ව 1815 වර්ෂයේ දී කණ්ද උඩරට රාජ්‍ය ඉංග්‍රිසින්ට යටත් වීමෙන් පසු එහි බලපෑම වලපනේ ඇතුළු උඩරට ප්‍රදේශවල ජනතාවට දැඩිව දැනෙන්නට විය.එමෙන්ම සාමාජීය,දේශපාලනමය,ආර්ථීක හා පරිපාලන වෙනස්කම් රාශියක් මෙම  ප්‍රදේශවල  ඇති විය.යටත් විජිත පාලන සමය තුල ශ්‍රී ලංකාවේ වතු වගාව ව්‍යාප්ත කිරිමට පාලකයන්ට අවශ්‍ය විය.ඔවුන් විවිධ  වැවිලි වගාවන් අත්හදා බැලීය.කෝපි,කොකෝවා,සින්කෝවා සහ තේ වැනි වගාවන් මෙසේ කදුකරය පුරා ව්‍යාප්ත විය.මෙයින් තේ වගාව වඩාත් ප්‍රචලිත වී තිබේ.  වැවිලි ක්ෂේත්‍රය සදහා විශාල වශයෙන් කම්කරු ශ්‍රමය අවශ්‍ය විය.දේශීය ජනයා අතර විදේශිකයන් කෙරෙහි ප්‍රසාදයක් නොතිබූ බැවින්කම්කරු ශ්‍රමය ලබා ගැනීම දුෂ්කර විය.මේ නිසා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් දකුණු ඉන්දීය වැසියන් වැවිලි ක්ෂේත්‍රය සදහා කම්කරුන් ලෙස මෙහි ගෙන්වන ලදි.මෙම කම්කරුවන් සදහා පේලි නිවාස ඉදිකර ඇති අතර නව සංස්කෘතියක් ද ඇති විය. මෙසේ යටත් විජිත යුගයේදී වලපනේ ප්‍රදේශය තුල ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සිදුවන්නට විය.මහා මාර්ග ඉදිවීම , දැනට දක්නට නොමැති වූවත් රාගල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වැනි කරුණු සදහන් කළ හැකිය.

1948 වර්ෂයේ නිදහස ලැබීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කය තුලද යම් යම් වෙනස්කම් ඇති විය.එතෙක් වන විට ඉංග්‍රීසින් විසින් පවත්වාගෙන ආ තේ කර්මාන්තය ආණ්ඩුවට පවරා ගත් අතර එය ජනතා වතු සංවර්ධන මණ්ඩලය බවට පත් විය.නිදහසින් පසු මෙරට ක්‍රියාත්මක වූයේ  ආසන ක්‍රමයයි.ඒ වන විට මතුරට ආසනය වන අතර 1960 න් පසුව වලපනේ මැතිවරණ කොට්ඨාශයක් බවට පත් වීය.එවකට  වලපනේ මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා ලෙස ටී.බී.එම් හේරත් මැතිතුමා පත්වු අතර මෙම කාලය තුල දී වලපනේ ප්‍රබෝධයක් ඇති වූ බව විශේෂයෙන් සදහන් කළ යුතුය.කොට්ඨාශයේ මාර්ගය සංවර්ධනය හා නව මාර්ග රැසක් ඉදිකිරීම නව කුඹුරු ඉඩම් ඇස්වැද්දීම,වාරිමාර්ග සංවර්ධනය නව පාසැල් ඉදිකිරීම වැනි ක්ෂේත්‍ර ප්‍රමුකව සදහන් කල හැකිය.

වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- ප්‍රධාන සේවා අංශ

1  ආයතන අංශය

2  සැලසුම් අංශය

3  ගිණුම් අංශය

4 ඉඩම් අංශය

5  සමාජ සත්කාරක අංශය

6  ක්ෂේත්‍ර අංශය

7  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

සපයනු ලබන සේවාවන්

ආයතන අංශය

බලපත්‍ර‍ නිකුත් කිරීම සම්බන්ධ රාජකාරි

ආදායම් සහතික සම්බන්ධ රාජකාරි

වටිනාකම් සහතික සම්බන්ධ රාජකාරි

ග්‍රාම නිලධාරී සහතික සම්බන්ධ රාජකාරි

ජාතික හැදුනුම්පත්‍ර‍ අයදුම්පත්‍ර‍ සහතික කිරීම

සේවකයින් දුම්රිය වාරප්‍රවේශපත්‍ර‍ අනුග්‍ර‍හ ලබා දීම

ආයතනික කටයුතු සම්බන්ධ රාජකාරි

ජනාධිපති ආධාර සදහා නිර්දේශයන් ඉදිරිපත් කිරීම

නඩත්තු හා සේවාවන් පිළිබද වාර්ෂික ගිවිසුම් වලට එළඹීම

මාසික බිල්පත් ගෙවීම හා පාලනයක් පවත්වා ගැනීම සම්බන්ධ රාජකාරි

ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම්

සංවර්ධන අංශය

සංවර්ධන වැඩසටහන් දියත් කිරීම

විමධ්‍යගත වැඩසටහන් සම්බන්ධ රාජකාරි

ගම් නැගුම ව්‍යාපෘති සම්බන්ධ රාජකාරි

පළාත්සභා සංවර්ධන වැඩසටහන්

රේඛීය අමාත්‍යාංශවල සංවර්ධන වැඩසටහන්

ප්‍රගති වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම

මූලික තොරතුරු එක්රැස් කිරීම

සම්පත් පැතිකඩ සකස් කිරීම

ප්‍රාදේශීය සම්බණ්ධීකරණ කමිටුව

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව

සංවර්ධන සැළැස්ම සකස්කිරීම

වෙනත් වැඩසටහන්

ගිණුම් අංශය

සේවකයන්ගේ මාසික වැටුප් ගෙවීම

ගෙවීම් වවුචර් සදහා ගෙවීම් කටුයුතු

ණය/අත්තිකාරම් ගෙවීම

මිලදී ගැනීම් සම්බන්ධ රාජකාරි

ආයතනික අභ්‍යන්තර අවශ්‍යතාවයන්

ව්‍යාපෘති සදහා මිලදී ගැනීම්

ගබඩාවෙන් භාණ්ඩ නිකුත් කිරීම

ගිණුම් සාරාංශ පිළියෙල කිරීම

පොදු තැන්පත් ගිණුම පවත්වාගෙන යාම

මධ්‍යම රජය හා පළාත් සභාව වෙනුවෙන් රජයේ ආදායම් එකතු කිරීම

මත්පැන් බලපත්‍ර සම්බන්ධ රාජකාරි

උකස් බලපත්‍ර    සම්බන්ධ රාජකාරි

ආදායම් සහතික සම්බන්ධ රාජකාරි

වටිනාකම් සහතික සම්බන්ධ රාජකාරි

විශ්‍රාමිකයින් සදහා දුම්රිය වාරප්‍රවේශපත්‍ර‍ අනුග්‍ර‍හ ලබා දීම

සිවිල් හා වැන්දඹු විශ්‍රාම වැටුප් හි පළමු ගෙවීම් ගණනය කිරීම හා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම

සංශෝධිත ප්‍ර‍ධාන පත්‍ර‍යට අදාලය විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම

අවශ්‍ය අවස්ථාවන් වලදී විශ්‍රාම වැටුප් ගෙවීම් නතර කිරීම

විශ්‍රාම වැටුප් ලිපිගොනු මාරු කිරීම

විදේශ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික ලිපිගොනු හා වැටුප් වාර්තා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යැවීම

විශ්‍රාමිකයන්ගේ ඉල්ලීම මත විවිධ අවශ්‍යතාවන් සදහා විශ්‍රාමිකයන්ගේ තොරතුරු ලබාදීම

ආබාධිත හා අනත්දරු විශ්‍රාම වැටුප් ලබාදීම

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා සකස් කිරීම

මාසික වාර්තා සකස් කිරීම

කාර්ය සාධන  වාර්ථාව සකස් කිරීම

ඉඩම් අංශය

දැව හෙලීම, ගබඩා කිරීම හා ප්‍රවාහනය සම්බන්ධ රාජකාරි

ලි භාණ්ඩ හා සතුන් ප්‍ර‍වාහනය කිරීම සම්බන්ධ රාජකාරි

විදුලි පරීක්ෂණ පැවැත්වීම         සම්බන්ධ රාජකාරි

රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම  යටතේ ලබාදීම

‍ඔප්පු ලබාදීම හා අවලංගු කිරීම සම්බන්ධ රාජකාරි

ඉඩම් ආදායම් එකතු කිරීම සම්බන්ධ රාජකාරි

මැනුම් නියෝග නිකුත් කිරීම සම්බන්ධ රාජකාරි

ඉඩම් අත්පත් කර ගැනීමට සම්බන්ධ රාජකාරි

ක්ෂේත්‍ර අංශය

කලාකරු ආධාර සම්බන්ධ රාජකාරි

කලායතන සදහා ආධාර සම්බන්ධ රාජකාරි

ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම

තරුණ හා ක්‍රීඩා සමිති ලියාපදිංචි කිරීම

දහම් පාසල් ගුරුවරුන් සදහා නිලඇදුම් දීමනාව

ඉඩම් පරිහරණ සැලසුම්  රාජකාරී

මානව සම්පත් සංවර්ධන රාජකාරී

විද්‍යා හා තාක්ෂණ රාජකාරී

 

සංස්කෘතික රාජකාරී

ක්‍රීඩා රාජකාරි

බෞද්ධ කටයුතු රාජකාරී

සංස්කෘතික සංවර්ධන රාජකාරී

 

තරුණ සේවා රාජකාරී

 

ජාතික ඒකාබද්ධතා රාජකාරී

 

ග්‍රාම සංවර්ධන රාජකාරී

 

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උපත්, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම

විවාහ උපත් හා මරණ ලියාපදිංචි කිරීම්

ලියාපදිංචි නොකළ උපත් හා මරණ ලියාපදිංචි කිරීම

උපත් හා විවාහ සහතික සංශෝධනය කිරීම

දිරාපත් සහතික පිළිබද මධ්‍යම ලේඛනාගාරයෙන් විමසීම් කිරීම

ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගේ රාජකාරී අධීක්ෂණය

සමාජ සත්කාරක අංශය

සහනාධාර ලබාදීම      සම්බන්ධ රාජකාරි

ආපදා ආධාර සම්බන්ධ රාජකාරි

නියම් සහනාධාර      සම්බන්ධ රාජකාරි

කාන්තා සමිති, වැඩිහිටි සම්ති, සම්බන්ධ රාජකාරි

අධ්‍යාපන ආධාර        සම්බන්ධ රාජකාරි

ආබාධිත උපකරණ ලබාදීම සම්බන්ධ රාජකාරි

රෝගාධාර‍        සම්බන්ධ රාජකාරි

අක්ෂි කාච ආධාර‍ සම්බන්ධ රාජකාරි

විශේෂ ආධාර සම්බන්ධ රාජකාරි

පෝෂණ ආධාර   සම්බන්ධ රාජකාරි

රජයේ ආයතන,රාජ්‍ය නොවන ආයතන සහ ග්‍රාමිය සංවිධාන

 

ආයතනය

අදාල කාර්යයන්

1

වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ආයතනික කටයුතු/සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම/ඉඩම් සම්බණ්ධ කටයුතු/දැව හෙලීම හා දැව ප්‍රවාහන රාජකාරි/මුදල් හා මුදල්ගෙවීම් රජයේ වියදම් හා ආදායම් පිළිබද රාජකාරි/විවාහ උප්පැන්න මරණ සහ අදාල රාජකාරී/ කොට්ඨාශයේ විවිධ කාර්යයන් සදහා රජයේ සහ රාජ්‍ය නොවන ආයතන සම්බණ්දීකරණය කිරීම ආදී විවිධ රජකාරී

2

වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය

අධිකරණ රාජකාරී

3

වලපනේ ප්‍රදේශීය සභාව

ආයතනික කටයුතු/සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම/පළාත්පාලන කටයුතු/අපදව්‍ය කළමණාකරනකටයුතු/ ආදී විවිධ රජකාරී

4

කළාප අධ්‍යාපන කාර්යාලය

ආයතනික කටයුතු/ පාසැල් කටයුතු පවත්වාගෙන යෑම සහ සම්බණ්ධීකරණය/ ආදී විවිධ රජකාරී

5

වලපනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය

ආයතනික කටයුතු/කොට්ඨාශයේ මහජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනිම සදහා විවිධ රාජකාරි සිදුකිරීම/

6

රාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය

ආයතනික කටයුතු/කොට්ඨාශයේ මහජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනිම සදහා විවිධ රාජකාරි සිදුකිරීම/

7

වලපනේ ප්‍රාදේශීය රෝහල

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/නේවාසික රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම/ අදී විවිධ රාජකාරි සිදුකිරීම

8

උඩුපුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහල

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/නේවාසික රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම/ අදී විවිධ රාජකාරි සිදුකිරීම

9

මඩුල්ල ග්‍රාමීය රෝහල

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/නේවාසික රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම/ අදී විවිධ රාජකාරි සිදුකිරීම

10

නිල්දන්ඩාහින්න රෝහල

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/නේවාසික රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම/ අදී විවිධ රාජකාරි සිදුකිරීම

11

හයිපොරස්ට් රෝහල

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/නේවාසික රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම/ අදී විවිධ රාජකාරි සිදුකිරීම

12

තෙරිපැහැ මාතෘ නිවාසය

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම

13

ආයුර්වේද රෝහල

ආයතනික කටයුතු /භාහිර රෝගි අංශය පවත්වාගෙන යාම/නේවාසික රෝගි අංශය පවත්වාගෙන යාම/සායනික කටයුතු පවත්වාගෙන යාම/ අදී විවිධ රාජකාරි සිදුකිරීම

14

ලංකා විදුලිබලමන්ඩලය

ආයතනික කටයුතු/විදුලි පාරිබෝගික කටයුතු/නඩත්තුහා සේවා සිදුකිරීම

15

ලංගම ඩිපෝව

ආයතනික කටයුතු/සාමාන්‍ය මගී ප්‍රවාහන , පාසැල්සේවා  සහ දුරගමන් සේවා  පත්ත්වාගෙන යෑම

16

ජල සම්පාදන මණ්ඩලය

ආයතනික කටයුතු/ජල පාරිබෝගික කටයුතු/නඩත්තුහා සේවා සිදුකිරීම

17

ව්ධායක ඉන්ජිනේරු කාර්යාලය

ආයතනික කටයුතු/මාර්ග නඩත්තුහා සේවා සිදුකිරීම/ මාර්ග ඉදිකිරීම් කටයුතු සිදුකිරීම

18

ව්ධායක ඉන්ජිනේරු කාර්යාලය

ආයතනික කටයුතු/මාර්ග නඩත්තුහා සේවා සිදුකිරීම/ මාර්ග ඉදිකිරීම් කටයුතු සිදුකිරීම

19

සහකාර පොලිස් අධිකාරී කාර්යාලය

පොලිස් ස්ථාන සම්බණ්ධිකරණයෙන් කොට්ඨාශයේ  ආරක්ෂාව ,නීතිය හා සාමය පවත්වාගෙන යෑම පිළිබද කටයුතු  කිරීම,

20

වලපනේ පොලිස් ස්ථානය

කොට්ඨාශයේ  ආරක්ෂාව පිළිබද කටයුතු ,නීතිය හා සාමය පවත්වාගෙන යෑම/අපරාධ වැලැක්වීම සදහා කටයුතු කිරීම/මත්ද්‍රවය නිවාරන වැඩසටහන් සිදුකිරිම

21

රාගල පොලිස් ස්ථානය

කොට්ඨාශයේ  ආරක්ෂාව පිළිබද කටයුතු ,නීතිය හා සාමය පවත්වාගෙන යෑම/අපරාධ වැලැක්වීම සදහා කටයුතු කිරීම/මත්ද්‍රවය නිවාරන වැඩසටහන් සිදුකිරිම

22

මතුරට පොලිස් ස්ථානය

කොට්ඨාශයේ  ආරක්ෂාව පිළිබද කටයුතු ,නීතිය හා සාමය පවත්වාගෙන යෑම/අපරාධ වැලැක්වීම සදහා කටයුතු කිරීම/මත්ද්‍රවය නිවාරන වැඩසටහන් සිදුකිරිම

23

තෙරිපැහැ පොලිස් ස්ථානය

කොට්ඨාශයේ  ආරක්ෂාව පිළිබද කටයුතු ,නීතිය හා සාමය පවත්වාගෙන යෑම/අපරාධ වැලැක්වීම සදහා කටයුතු කිරීම/මත්ද්‍රවය නිවාරන වැඩසටහන් සිදුකිරිම

24

උඩපුස්සැල්ලාව පොලිස් ස්ථානය

කොට්ඨාශයේ  ආරක්ෂාව පිළිබද කටයුතු ,නීතිය හා සාමය පවත්වාගෙන යෑම/අපරාධ වැලැක්වීම සදහා කටයුතු කිරීම/මත්ද්‍රවය නිවාරන වැඩසටහන් සිදුකිරිම

25

විවිධ සේවා සමූපකාර සමිතිය

සමූපකාර ප්‍රාදේශික පවත්වාගෙන යෑම,සනස බැංකු , රක්ෂණ ආයතන පවත්වාගෙන යෑම ආදි විවිධ සේවා සිදුකිරීම

26

අඩවිවන නිළධාරී කාර්යාලය

ප්‍රදේශයේ වනාත්තර ආරක්ෂාකිරිම සදහා කටයුතු කිරිම,නව වනවගා ඇතිකිරිම, දැව කපා ඉවත් කිරිම ,දැවප්‍රවානය සදහා අවශ්‍ය නිර්දේශයන් ලබාදීම , සංවර්ධන කටයුතු සදහා  අවශ්‍ය නිර්දේශ ලාබාදීම

27

අඩවි ආරක්ෂක නිළධාරී කාර්යාලය

ප්‍රදේශයේ සිටින වන සතුන්  සහ වනාත්තර  ආරක්ෂා කිරිමට අවශ්‍ය කටයුතු කිරීම, ජනතාවට සහ දේපල සදහා සිදුවන වන සත්ව හානි වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනිම සංවර්ධන කටයුතු සදහා  අවශ්‍ය නිර්දේශ ලාබාදීම

28

පශුවෛද්‍ය නිළධාරී කාර්යාලය

ප්‍රදේශයේ පශුසම්පත් සංවර්ධනයට  අවශ්‍ය කටයුතු කිරීම,  සත්ව සායන පැවැත්වීම,සතුන් සදහා ප්‍රතිකාර කිරීම,  සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍ය නිර්දේශ ලාබාදීම ආදී විවිධ රාජකාරී කිරීම

29

සංස්කෘතික මධ්‍යස්ථානය

සංස්කෘතික වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන් සිදුකිරීම ආදි විවිධ වැඩසටහන්

30

පරිවාස නිළධාරී කාර්යාලය

ළමයින් සදහා සිදුවන ගැටළු නිරාකරණය, අකටයුතුකම් වැළැකවීම ආදී ළමා ආර්ෂණය සදහා අවශ්‍ය ක්‍රියාකාරකම් සිදුකිරීම

31

ගොවිජන සේවා මධ්‍යස්ථාන -6

ප්‍රදේශයේ කෘෂි සම්පත් සංවර්ධනයට  අවශ්‍ය කටයුතු කිරීම,  සුළු වාරිමාර්ග නඩත්තුව , සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ගොවිබැංකු පවත්වාගෙන යෑම ආදි විවිධ  රාජකාරී සිදුකිරීම

32

දිවිනැගුම බැංකු සංගම්-8

දිවිනැගුම බැංකු පවත්වාගෙන යෑම  , සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම  ආදි විවිධ  රාජකාරී සිදුකිරීම

33

මහජන බැංකු -5

බැංකු පවත්වාගෙන  යෑම, විවිධ වැඩසටහන් සදහා විවිධ ලෙස සහාය දැක්වීම , ණය පහසුකම් ලබාදීම

34

ලංකා බැංකු-3

බැංකු පවත්වාගෙන  යෑම, විවිධ වැඩසටහන් සදහා විවිධ ලෙස සහාය දැක්වීම , ණය පහසුකම් ලබාදීම

 

ජනගහනය හා ජන විකාශනය ( 2011 සිට 2016)

 

විස්තරය

අවුරුද්ද

 

2011

2012

2013

2014

2015

2016

මුළු ජනගහනය

126171

125489

124923

126066

127152

128036

මුළු පවුල් සංඛ්‍යාව

33125

33129

35058

35024

35112

35148

කාන්තාවන්

 

64070

64086

64068

64279

65347

පිරිමින්

 

61419

60837

61998

62873

62689

දරුවන්

24467

23391

21975

25528

23215

22132



sun

 

අගයන්

  • B – Beneficence-(සකාරුණිකව)
  • E–Effective -(කාර්යක්ෂමව)
  • S–Solidarity  -(එකමුතුව)
  • T–Targets-(ඉලක්කයන් කරා)

අරමුණු

  • රාජ්‍ය ප්‍රතිපත්තින්ට අනුකූලව තිරසාර සංවර්ධනයක් උදෙසා සම්පත් කළමනාකරණය කිරීම.
  • ජනතා හිතවාදී කාර්යක්ෂම සේවාවක් ලබා දීම.
  • තොරතුරු තාක්ෂණය උපයෝගි කර ගනිමින් තෘප්තිමත් සේවාවක් සේවාලාභීන් වෙත ලබා දීම.
  • විනිවිදභාවයකින් යුක්තව කටයුතු කිරීම.
  • ප්‍රදේශීය පරිපාලනයේදි සෑහිමකට පත්වන ප්‍රබෝධමත් ජනතාවක් බිහිකිරීම.
  • සපයනු ලබන සේවාවන්හි නව්‍යකරණය හා නිර්මාණශීලිත්වය උදෙසා සාමුහික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • කොට්ඨාශයේ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ඵලදායිතාවයඉහළ නැංවීමට කටයුතු කිරීම.

  ශදුඅත විශ්ලේෂණය ( SHOT ANALISYS)

ශක්තීන්

1)    නිවරදි පුළුල් දැක්මක් සහිත සෘජු නායකත්වය

2)    ධනාත්මක ආකල්ප සහිත කාර්යය මණ්ඩලයක් සිටීම

3)    පෙරටු  පෙරටකාර්යාලයේ ක්‍රියාකාරිත්වය

4)    සහභාගීත්ව කළමනාකරණ ක්‍රමවේදය (උදා. තීරණ ගැනීමේදී විධිමත් කණ්ඩායම් වලින් අදහස් විමසීම)

5)    ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි,චක්‍රලේඛණ ,උපදෙස් සහිත ලිපිලේඛන ආදි ය

6)    විවිධ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු වලට අයත් ක්ෂේත්‍ර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටීම

7)    විශේෂ හැකියාවන් සහිත නිලධාරීන් සිටීම

8)    අභ්‍යන්තර සන්නිවේදන පද්දතිය (intercom  system)

9)    Wi-fi තාක්ෂණය සහිත අන්තර්ජාල පද්දතිය

10) පරිගණක සාක්ෂරතාව සහිත  නිලධාරීන් වැඩි පිරිසක් සිටීම

11)පරිගණක හා පරිගණක උපාංග සාපේක්ෂව ප්‍රමානවත්ව පැවතීම            

12)කාර්යාල උපකරණ සාපේක්ෂව ප්‍රමානවත්ව  පැවතීම

13)විදාතා සම්පත් මධ්‍යස්ථානය

 

දුර්වලතා

1. කාර්යාලීය ඉඩකඩ ප්‍ර‍මාණවත් නොවීම

2. පුහුණු අවශ්‍යතා සදහා ප්‍ර‍මාණවත් ප්‍ර‍තිපාදන නොමැති වීම

3. රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ කාර්යසාධන ඇගයිමේ හා පසුවිපරම් කිරීමේ ක්‍ර‍මවේදයේ පවතින දුර්වලතා

4.කාර්යාල ගොඩනැගිලි වෙන් වෙන්ව පිහිටීම

5. ප්‍රමානවත් වගවීමක් සමහර අවස්ථාවල දක්නට නොමැති වීම

6. විෂයානුබද්ධව පුහුණු වු නිලධාරින් ප්‍රමානවත් නොවීම

7.සේවා ලාභීන් පිලිබදව පවතින අවබෝධය ප්‍රමානවත් නොවීම

8.සම්ප්‍රදායික රාමුව තුල සිට සමහර රාජකාරී දෙස බැලීම

9. නව චින්තන රටාවන්ට අනුව හැඩ ගැසීමට ඇති කැමැත්ත ප්‍රමානවත් නොවීම

10.රාජකාරී කිරීමේ ආදර්ශ,අත්දැකීම්, පලපුරුද්ද පිළිබදව ප්‍රමානවත් නොවීම

11. සමහර අවස්ථාවල සෘණාත්මක ආකල්ප දක්නට ලැබීම

12.වැඩ සැලසුම් කිරීමේ හා  සංවිධාන කිරීමේ දුර්වලතා සමහර අවස්ථාවල  දක්නට ලැබීම

13. සංවර්ධන ව්‍යාපෘති තිරසාරත්වය සැලසුම් අවම වීම

14. අනවශ්‍ය ලිපිලේඛන හා විවිධ පියවරයන් පැවතීම

15. සමහර තනතුරු සදහා ප්‍රමානවත් නිලධාරින් නොමැතිකම

අවස්ථාවන්

 1 දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථාවන්

 2 රජයේ නව ව්‍යාපෘතීන් හා වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දියත් කිරීම

 3 ඵලදායිතා සම්මාන සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පවතින තරඟයට සහභාගීවීමට හැකිවීම

4   තොරතුරු තාක්ෂණයේ වැඩිදියුණු වීම්

5   ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත ප්‍රදේශයක් වීම

6   සංචාරක ආකර්ෂනීය ස්ථාන පිහිටීම

7   සංවර්ධනය කල ප්‍රධාන මාර්ග පද්දතියක් තිබීම

8   ද්වී භාෂා ජනකොටස් සහිත ප්‍රදේශයක් වීම

10  ගොවිජන සේවා මධ්‍යස්ථානය කාර්ල භූමිය අසන්නව පැවතීම

11   ප්‍රධාන විහාරස්ථානයක් හා ජාතික පාසැලක් ආසන්නව පැවතීම

12.  කොට්ඨාශය පුරා සමෘද්ධි බැංකු 8 ක් පැවතීම

13   පැරණි සහ නව කාර්ල ප්‍රවේශ මාර්ග 2ක්  පැවතීම

14  සිවිල් සංවිධානවල සහයෝගය පැවතීම

15 අනෙකුත් රාජ්‍ය   හා රාජ්‍ය නොවන සංවිධානවලින් දක්වන සහයෝගය

16 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය හා  මගපෙන්වීම

17 උප කාර්යාලයේ ක්‍රියාකාරිත්වය

18 විවිධ කාර්යයන් පිළිබදව රැස්වීම් ප්‍රා.ලේ. කාර්යාලය තුල පැවැත්වීම

තර්ජන

01 ජනතාවතුල රාජ්‍යඅංශය පිළිබඳව පවතින සාම්ප්‍රදායික මතවාද

02 ජනතාව පිටස්තර ප්‍රෙද්ශවලට රැකියා වැනි විවිධ කාර්යයන් සංක්‍ර‍මණය වීම්

03 ජනතාව පිටස්තර ප්‍රෙද්ශවලට පදිංවිය හැරයාම

04 ජනතාව තම රාජකාරි කටයුතු කොළඹින් ඉටුකර ගැනීමට උත්සාහ දැරීම (උපත්/විවාහ/ජාතික හැදුනුම්පත්)

05.වසම් 125 කින් යුතු ප්‍රා.ලේ. කොට්ඨාශයක් වීම

06.මහජනතාව තුල සෘණාත්මක ආකල්ප තිබීම

07. ගොඩ හා  මඩ ඉඩම් මුඩු බිම් බවට පත්වෙමින් තිබීම

08.දේශගුණික විපර්යාස වල බලපෑම් වලට ලක්වීම

09  සංවර්ධන ප්‍රතිපාදන කොට්ටාශය පුරා  සමසේ බෙදී නොයාම

10  සාම්ප්‍රදායික පිළිවෙත් හා  ආකෘතිපත්‍ර ,ක්‍රමවේද වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය නොවීම

11  සමහර තනතුරු සදහා නිලධාරීන්  ප්‍රමානවත් නොවීම

 

 

01 පෙරටු කාර්යාලය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උපක්‍රියාකාරකම්

කාලරාමුව

1

වාහන ආදායම් බලපත්‍ර, ආදායම් සහතික, වත්කම් සහතික,අනු අත්සන් කිරිම ,විවාහ උප්පැන්න මරණ සහතික නිකුත් කිරිම ,විශ්‍රාම වැටුප් සම්බන්ධ කටයුතු

මධ්‍යම පළාත තුල ලියාපදිංචි සියළු වාහන බලපත්‍ර මෙම කාර්යාලය තුලින් නිකුත් කිරීම

නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර පමණක් භාර ගැනීම

විනාඩි 05 ක් තුල නිකුත් කිරීම (සියලු ලේඛන සපුරා තිබේනම්)

එක් දිනයක් තුල සේවාව ලබා දීමට කටයුතු කිරීම

*පරිගණක මෘදුකාංගයකට සියළු දත්ත ඇතුලත් කිරීම

ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරි මගීන්,වෙබ් අඩවිය මගීන් ලබා ගත හැකි වීම

පුහුණුව

ග්‍රාම නිලධාරි වාර්තා ඉ-මේල් මගීන් ගෙන්වා ගැනීම

පරික්ෂාකිරීම

2016/2017

2

ග්‍රාම නිළධාරි පදිංචි සහතික අනුඅත්සන් කිරීම, විදුලි ඉල්ලුම්පත්, ශිෂ්‍යාධාර ලිපි, ත්‍රිවිධ හමුදා නිළධාරින්ගේ ලිපි, සබවස් ප්‍රකාශ අනුඅත්සන් කිරීම

බලය  විමධ්‍යගත කිරීම

බලය විමධ්‍යගත කිරීම

තප්පර 30  තුල අනු අත්සන් කිරීම

දිනක් ඇතුලත බලපත්‍ර ලබා දීම

පෙරටු කාර්යාලයේ ප්‍රධාන කලමණාකරන සහකාර වෙත බලය විමධ්‍යගත කිරීම

සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත බලය පැවරීම

ආයතන අංශයේ ප්‍රධාන කලමනාකරන සහකාර වෙතද බලය විමධ්‍යගත කිරීම

ග්‍රාම නිලධාරි වාර්තා ඉ-මේල් මගීන් ගෙන්වා ගැනීම

2016/2017

3

තුවක්කු බලපත්‍ර ලබාදිම, පුපුරණ ද්‍රව්‍ය සදහා නිර්දේශ ලබාදීම

2016/2017

4

වාර්ෂීක බදු ආදායම ඉහළ නැංවීම

රජයට වාර්ෂිකව ආදායම් ගෙවිය යුතු ආයතන/පුද්ගලයින් ඒ පිළිබද  දැනුවත් කිරීම

අයවිය යුතු මුළු බදු ආදායම අය කිරීම

බදු මුදල් ගෙවන ලෙස බදුකරුවන් දැනුවත් කිරීම සදහා ලිපි යැවීම

ග්‍රාම නිලධාරි මගීන් නැවත සිහිකැදවීමට කටයුතු කිරීම

2016/2017


02  ආයතන අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උපක්‍රියාකාරකම්

කාලරාමුව

01

ආයතනික කටයුතු ක්‍ර‍මවත්ව සිදුකිරීම තුලින් ආයතනයේ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම

ආයතන අංශයේ සියලු කාර්යමණ්ඩල සේවාවන් අධීක්ෂණය හා නියාමනය

ආයතන අංශයෙන් ඉටුවන කටයුතු කාර්යක්ෂමව පවත්වාගැනීම.

කාර්යමණ්ඩලයට අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම

ඌනතා සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම

2016/2017

දෛනික තැපෑල කල්වේලා ඇතිව කාර්යාලය වෙත රැගෙන ඒම හා තැපෑල දත්ත පද්ධතිය වැඩිදියුණු කර වගකීම පැවරිම

දෛනික තැපෑල විවෘත කිරීමට කල්වේලා ඇතිව බෙදා හැරීම.

ලිපි අංශවලට වෙන් කර බෙදාහැරීමට පෙර ලිපි පිළිබද තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම

අංශවලට බෙදා හැරීම

විදුලි පුවත් මඟින් නිවාඩු ලබාගැනීම අවම කිරීම හා අන්තර්ජාලය හරහා නිවාඩු ලබා ගැනීමට නිලධාරීන් දැනුවත් කිරීම

පසුගිය ගතවූ මාසයේ නිවාඩු ඊලඟ මාසය ආරම්භයේම වාර්තා කිරීම

නිවාඩු ලේඛනය යාවත්කාලීනව පවත්වාගැනීම

අඩුපාඩු සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම

පෞද්ගලික ගොනුවල තොරතුරු පරිගණකගත කිරීම

ක්ෂණිකව තොරතුරු ගතහැකිවන පරිදි පරිගණක වැඩ සටහනක් සකස්කර ගැනීම(මෘදුකාංග)

ගොනු ගත කෙරෙන තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම

අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා අදාල නිලධාරීන් සහ දෙපාර්තමේන්තු සම්බන්ධකරගැනීම

03. සැලසුම් අංශය

අනු අංකය

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උප ක්‍රියාකාරකම්

කාලරාමුව

01

01. වලපනේප්‍රාදේශීය ලේකම් කාර්යලයේ ක්‍රියාත්මක  සැළැස්ම  සකස් කිරීම

වර්ෂය සදහා සකස් කර ඇති ක්‍රියාකාරී  සැළසුම්  සියළුම  අංශ  වලින්  ලබා ගැනිම

ක්‍රියාකාරී  සැළසුම්  වර්ෂය තුල ක්‍රියාත්මක කිරීම

වර්ෂ‍යේ  මුලිකව සිදුකිරීමට සැළසුම් කරන  ලද  වැඩසටහන්, ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු  ලබාගැනීම

අදාල උපදෙස් අනුව ක්‍රියා කිරීම

2016/2017

02

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  2016/2017 වසර තුල තිරසාර සංවර්ධනය  ඉහළ නැංවීම සදහා ඵලදායී සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම

*ජනසභායෝජනා අනුව  ව්‍යාපෘති හදුනාගැනීම

* මධ්‍යම රජයේ ප්‍ර‍තිපාදන, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍ර‍තිපාදන, පළාත්සභා මන්ත්‍රී ප්‍ර‍තිපාදන,රේඛීය අමාත්‍යාංශ ප්‍ර‍තිපාදන යොදා ගනිමින් අදාල උපදෙස් හා චක්‍රෙල්ඛ අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

විමධ්‍යගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

පළාත් සභා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

වෙනත් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

වෙනත් විවිධ දෙපාර්ථමේන්තුවල ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම

ව්‍යාපෘති අනුමත කරවා ගැනීම

ඉදිකිරීම්

*ව්‍යාපෘති යෝජනා ප්‍රාදේශීය සම්බණ්ධීකරණ කමිටු‍වෙදී අනුමත කරවා ගැනීම

*ස්ථාන  පරීක්ෂා කිරිම

*ඇස්තමේන්තු සකස් කිරීම

* ඇස්තමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම

* අවශ්‍ය ප්‍ර‍තිපාදන වෙන්කර ගැනීම

මිළදී ගැනීම්

* අවශ්‍යතාවය හදුනා ගැනීම

* ඇස්තමේන්තු සකස් කිරීම

* ඇස්තමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම

2016/2017

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

ඉදිකිරීම්

* අනුමත ලියාපදිංචි සමිතියක් සමග ගිවිසුම් අත්සන් කිරීම

* කොන්ත්‍රාත්තුව අදාල සමිතියට පිරිනැමීම

* අත්තිකාරම් මුදල් ඉල්ලීම් කළ විට ලබා දීම

* ව්‍යාපෘතිය අධීක්ෂණය

* ගෙවීම් කටයුතු සිදුකිරිම

මිළදී ගැනීම්

* භාණ්ඩ සදහා මිළ ගණන් කැදවීම

* ටෙන්ඩර් මණ්ඩල තිරණ ගැනීම

* භාණ්ඩ මිලදී ගැනීම

* අදාල ප්‍රතිලාභීන් ස‍දහා අදාල භාණ්ඩ විධිමත්ව  නිකුත් කිරීම

2016/2017

03

රැදවුම් මුදල් නිදහස්කිරීම

2016/2017වර්ෂවල ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩ සටහන්  වල  රැදවුම් මුදල් නිදහස්කිරීම

 

2016/2017වර්ෂවල ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩ සටහන් වල ගෙවීම් අවසන් කිරීම

 

ඉදිකිරීම්  පිළිබද පසු විපරම්  කිරිම

අවශ්‍ය ලේඛන ලබා ගැනිම

කාර්මික නිලධාරි වාර්තා ලබාගැනීම

රැදවුම් මුදල් නිදහස්කිරීම

2016/2017

04

වලපනේප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මූලික තොරතුරු එක්රැස් කිරීම හා තොරතුරු මූලාශ්‍රයක් සැකසීම

පොදු ආකෘති පත්‍රයක් මගින් ග්‍රාම නිලධාරී වසම් වල තොරතුරු ලබා ගැනීම

විවිධ අවශ්‍යතා සදහා මූලික තොරතුරු මූලාශ්‍රයක් සැකසීම

සියළුම ග්‍රාම නිලධාරී වසම් වල

තොරතුරු ගොනුවක් සැකසීම

සියළුම ග්‍රාම නිලධාරී වසම් වල තොරතුරු ග්‍රාම නිලධාරී මගින් ලබා ගැනීම

තොරතුරු ගොනුවක් සැකසීම

අවශ්‍ය අය සදහා තොරතුරු ලබා දීම

2016/2017

05

වලපනේප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සම්පත් පැතිකඩ සකස් කිරීම

වලපනේප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මූලික තොරතුරු හා විවිධ ආයතන ,විවිධ වැඩසටහන් වැනි තොරතුරු ඇතුලත් වාර්තාවක් සැකසීම

විවිධ අවශ්‍යතා සදහා තොරතුරු මූලාශ්‍රයක් සැකසීම

තොරතුරු  එකරැස් කිරීම

තොරතුරු සාරංශ ගත කිරීම

තොරතුරු ඇතුලත් සම්පත් පැතිකඩ සැකසීම

 

සියළුම ග්‍රාම නිලධාරී වසම් වල තොරතුරු ග්‍රාම නිලධාරී මගින් ලබා ගැනීම

විවිධ ආයතන ,විවිධ වැඩසටහන් වල  තොරතුරු  එකරැස් කිරීම

තොරතුරු සාරංශගත කිරීම

තොරතුරු ඇතුලත් සම්පත් පැතිකඩ සැකසීම

අවශ්‍ය අය සදහා තොරතුරු ලබා දීම

 

2016/2017

06

 ප්‍රාදේශීය සම්බණ්ධීකරණ කමිටුව

සැම  මසකම  පැවැත්වීම සදහා දිනයක්  වෙන්කර ගැනීම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම වැඩසටහන්, ක්‍රියාකාරකම් නිවැරදිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම

ප්‍රාදේශීය සම්බණ්ධීකරණ කමිටුව සැම  මසකම  පැවැත්වීම

·         ව්‍යාපෘති යෝජනා ප්‍රාදේශීය සම්බණ්ධීකරණ කමිටු‍වෙදී අනුමත කරවා ගැනීම

·         මහජනනියෝජිතයින් , සියළුනිලධාරීන්සහ  අදාල අයගේ  සහභාගීත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම වැඩසටහන්, ක්‍රියාකාරකම් සහ අදාල ප්‍රගතිය, ගැටළු,සාකච්ජාකිරීම, තීරණගැනීම,පසුවිපරම් කිරීම .වාර්තා කිරීම සහ දැනුවත් කිරීම

 

·          

07

 ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව

සැම  මසකම  පැවැත්වීම සදහා පළමු සතියේ දිනයක්  වෙන්කර ගැනීම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම කෘෂිකාර්මික වැඩසටහන්, ක්‍රියාකාරකම් නිවැරදිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව සැම  මසකම  පැවැත්වීම

සියළු නිලධාරීන්  සහ  අදාල අයගේ  සහභාගීත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම කෘෂිකාර්මික වැඩසටහන්, ක්‍රියාකාරකම් සහ අදාල ප්‍රගතිය, ගැටළු,සාකච්ජකිරීම, තීරණ ගැනීම,පසුවිපරම් කිරීම .වාර්තා කිරීම සහ දැනුවත් කිරීම

2016/2017

08

  වෙනත් වැඩසටහන්

ඉහත සදහන් ඒවා  වලට  අමතරව  ලැබෙන  වැඩසටහන්, ක්‍රියාකාරකම් සිදුකිරීම

අදාල ඉලක්ක ලගාකර ගැනීම

නිවැරදිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම

අදාල උපදෙස් අනුව ක්‍රියාකිරීම

 
               

04.ඉඩම් අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උප ක්‍රියාකාරකම්

කාල රාමුව

1

 දැව ප්‍රවාහන

බලපත්‍ර‍ ලබා දීම

* දැව ප්‍රවාහන ඉල්ලුම් පත ග්‍රාම නිලධාරී කාර්යාල වෙත නිකුත් කිරීම.

*පෙරටු කාර්යාල හරහා අඩුපාඩු රහිත අයදුම්පත් ලබාගැනීම

දැව ප්‍රවාහන

බලපත්‍ර‍ නිකුත් කිරීම

දැව ප්‍රවාහන බලපත්‍ර‍ නිකුත් කිරීම හා  අදාල කාර්ය ප්‍රගතිය පිළිබඳවසේවාලාභියා දැනුවත් කිරීම.

*ත්‍රෛභාෂා සහන කවුළුව මඟින් අයදුම්පත් පරීක්ෂාකර බලා භාර ගැනීම

*දැවප්‍රවාහන අයදුම්පත් ඉඩම් අංශය වෙත යොමු කිරීම

·  දැව ප්‍රවාහන බලපත්‍ර‍ නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු නියමිත වැඩ පියවර ඔස්සේ සිදු කිරීම

2016/2017

2

වැඩ අවසන් නොවූ ඉඩම් අත්පත් කිරීමේ විෂයට අදාල ගොනුවල කාර්යයන් අවසන් කිරීම

ඉඩම් අත්පත් දත්ත පද්ධතියට අනුව වැඩ අවසන් නොවූ ගොනු හදුනා ගැනීම

වැඩ අවසන් නොවූ ඉඩම් අත්පත් කිරීමේ විෂයට අදාල 10(1)තීන්දු 75ක්  නිකුත් කර වැඩ අවසන් කිරීම

*වැඩ අවසන් නොවූ ඉඩම් අත්පත් කිරීමේ විෂයට අදාල ගොනු වල වැඩ අවසන් කිරිම

* වැඩ නැවතී ඇති ගොනුවල එලෙස නැවතී ඇති අවස්ථාවේ සිට ඉදිරියට කටයුතු කිරිම

* වැඩ නැවතී ඇති ගොනු පරීක්ෂා කර ඉදිරි ක්‍රියා මාර්ග ගත යුතු අවස්ථාවන් හදුනා ගැනීම

* ඉඩම් අමාත්‍යාංශය හා යෝජිත අමාත්‍යාංශයෙන් කරුණු විමසීම

2016/2017

3

දිමනා පත්‍ර පසු කටයුතු සිදු කිරිම

දීමනා පත්‍ර  කටයුතු වලට අදාල  ආකෘති ග්‍රාම නිළධාරි කාර්යාලය වෙත නිකුත් කිරිම.

 පෙරටු කාර්යාල හරහා අඩුපාඩු රහිත අයදුම්පත් ලබා ගැනිම.

ස්වයංක්‍රීය දත්ත පද්ධතිය

අවම කාල පර්ච්ජේදයක්

තුලදි දැව ප්‍රවාහන බලපත්‍ර

නිකුත් කිරිම.

කාර්යක්ෂමව දීමනාපත්‍ර පසු කටයුතුවලට අදාල දීමනා පත්‍ර ආකෘති නිකුත් කිරිම හා පරිඝණක මෘදුකාංගය හරහා අදාල කාර්ය ප්‍රගතිය පිළිබදව සේවාලාභියා දැනුවත් කිරිම.

01.ත්‍රෛභාෂා සහන කවුළුව මඟින් අයදුම්පත් පරික්ෂාකර බලා භාර ගැනිම.

02.අයදුම් ඉඩම් අංශය වෙත යොමු කිරිම

03.චක්‍රෙල්ඛ හා අණ පනත්වලට අනුකූලව අදාල පියවරයන් ඔස්සේ සිදු කිරිම.

 

4

වලපනේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම අනවසර කරුවන්  නියමානුකූල කිරීම

ඉඩම් කච්චේරි පැවැත්වීම

බලපත්‍ර 200ක් සකස් කිරිම

ක්ෂේත්‍ර පරීක්ෂණ මඟින්  අනවසර කරුවන්ගේ ඉඩම් පරීක්ෂා කර  ආදායම් මට්ටම සලකා බලා  ලබා දෙන බලපත්‍ර වර්ගය තීරණය කිරීම .

v ඉඩම් කච්චේරියට සහභාගී වූවන් පිළිබඳ තොරතුරු අනූව මූලික තේරීම් ලැයිස්තුව ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රදර්ශනය කිරීම

v විරෝධතා පරීක්ෂණ පැවැත්වීම

v අවසන් තේරීම් ලැයිස්තුව පළාත් ඉඩම් කොමසාරිස් වෙත  යවා අනුමත කර  ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම.

2016/2017

5

දීමනාපත්‍ර සකස් කිරීම

දීමනාපත්‍ර සකස් නොකළ බලපත්‍ර හඳුනා ගැනීම.

දීමනාපත්‍ර 145ක් සකස් කිරීම

දීමනාපත්‍ර සැකසීමට අදාල තොරතුරු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම.

v ආකෘති ග්‍රාමනිලධාරී මඟින් ගෙන්වා ගැනීම

v මූලික පිඹුරට අදාල රේඛා චිත්‍ර ගෙන්වා ගැනීම.

v බලපත්‍රකරු ඉඩමේ පදිංචි වී භුක්ති විඳින්නේද  යන්න ක්ෂේත්‍රය පරීක්ෂාකර තහවුරු කර ගැනීම.

2016/2017

05.  ගිණුම් අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උප ක්‍රියාකාරකම්

කාල රාමුව

1

නිවැරදි හා ක්‍ර‍මවත් මූල්‍ය ක්‍ර‍මවේදයක් පවත්වාගෙන යාම හා විගණන විමසුම් අවම කිරීම

වැය ලෙජර නිවැරදිව පවත්වාගෙන යාම සහ  සිගාස් දත්ත පද්ධතිය යාවත්කාලිනව පවත්වාගෙන යාම

මධ්‍යම රජය හා පළාත් සභාව සදහා වාර්ෂික අයවැය හා ඇස්තමේන්තු ගිණුම සකස් කිරීම හා නිවැරදි හා යාවත්කාලීන ගිණුම් පද්ධතියක් පවත්වාගෙන යාම තුලින් ගනුදෙනු අධීක්ෂණය කිරීමත් වැරදි අවම කිරීමත් සිදුකිරීම

වැය ශීර්ෂ වෙන් වෙන් වශයෙන් වැය ලෙජර හා සිගාස් දත්ත පද්ධතිය මගින් තොරතුරු ලබා ගැනීම

පවතින වර්ෂයේ මුල් මාස 6හි තොරතුරු ලබා ගෙන ඒ අනුව ඉදිරි වර්ෂය සදහා ඇස්තමේන්තු සැකසීම

2016/2017

2

ගබඩාකරණය තුලින් ආයතනයේ ක්‍රියාවලින් අඛණ්ඩව  පවත්වා ගැනීමට දායක විම

මුලින් ඇණවුම් කර මිළදී ගත් භාණ්ඩ මුලින් ගබඩාවෙන් නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

නියමිත තොග ගබඩාව තුල පවත්වාගෙන යාම

සියලු භාණ්ඩ සදහා යළි ඇණවුම් මට්ටම් හදුනාගැනීම

අවශ්‍ය තොග ඇණවුම් කිරීම

 2016/2017

3

වවුචර් සදහා ගෙවීම් කඩිනම් කිරීම

පිරික්සුම් ලැයිස්තුවක් සකස් කිරීම

දින 03 ක් ඇතුලත සියළු වවුචර් සදහා ගෙවීම් සිදු කිරීම

නිවරදි වවුචර් භාර ගැනීම

පරීක්ෂා ලැයිස්තුවක් සකස් කිරීම

2016/2017

4

 

භාණ්ඩ සමීක්ෂණය නියමිත දිනය අවසන් කිරීම

භාණ්ඩ වෙන්දේසිය ඊළග වසරේ මාර්තු 31 දිනට ප්‍රථම පැවැත්වීම

භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වාර්තාව ලබා ගැනීම හා වෙන්දේසි කටයුතු සිදු කිරීම

භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව වෙන්දේසි කළ යුතු, විනාශකළ යුතු, හා අලුත්වැඩියා කළ යුතු භාණ්ඩ හදුනා ගැනීම

මාර්තු 15 

06.  විශ්‍රාම වැටුප් අංශය

           

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උපක්‍රියාකාරකම්

කාලරාමුව

1

විශ්‍රාම වැටුප්  ලබා දීමේ ක්‍රමය විධිමත් කිරීම 

1. ස්වයංක්‍රීය දත්ත පදධතියක් (automated data base) නිර්මාණය කිරීම

ව්‍යාපෘතිය දියත් කිරීම

දත්තපද්ධතියට තොරතුරු ඇතුලත් කිරීම

තොරතුරු සම්පූර්ණ කිරිම සදහා ආකෘති පත්‍ර මගීන්  තොරතුරු ලබා ගැනීම

2016/2017.

2

නිවැරදි විශ්‍රාමිකයා හෝ ඔවුන්ගේ වැන්දඹුවන් හා යැපෙන්නන් වෙතම පමණක් විශ්‍රාම වැටුප් ගෙවීම

පරිගණක දත්ත පද්ධතියක් සකස් කිරීම

විශ්‍රාම වැටුප් නියමිත පුද්ගලයන් සදහා ලබා දීම 

සියළු විශ්‍රාමිකයන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම 

විහ්‍රාමිකයන්ගේ කලත්‍රයන් හා දරුවන් පිළිබද තොරතුරුද දත්ත පද්ධතියකට ඇතුලත් කිරීම 

2016/2017

07.රෙජිස්ටාර් අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උපක්‍රියාකාරකම්

කාලරාමුව

01

විනාඩි 5ක් තුළදී උපත්,  විවාහ හා මරණසහතික නිකුත් කරමින් පුද්ගලයින්ගේ කාලය සුරැකීම

* ස්වයංක්‍රීය දත්ත පදධතියක් (data base) මගින් සහ MS ACCESS දත්ත පද්ධතියක්(data base) නිර්මාණය කිරීම

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උපත්, විවාහ, මරණ සහතික පිටපත් විනාඩි 5ක් ඇතුලත නිකුත් කිරීම

උපත්, විවාහ, මරණ සහතික පිටපත් පරිගණක දත්ත පද්ධතියෙන් සොයා  අයදුම්කරුවන් වෙත නිකුත් කිරීම

1960 පෙර ලියාපදිංචි උප්පැන්න සහතික දත්ත පද්ධතියකට ඇතුලත් කිරීම

2016/2017

02

දෛනික ආදායම හා නිකුත් කල පිටපත් පිළිබද තොරතුරු කඩිනමින් දැනගැනීමට විධිමත් ක්‍රමයක්  සකස් කිරීම

දිනපොතමගින් ඇතුලත් කිරීම.

දිනය අවසානයේ දී නිකුත් කල  ආදායම ඉක්මනින් ලබා ගැනීම

උපත්, විවාහ, මරණ සහතික අයදුම්පතට අදාලව විස්තර දත්ත පද්ධතියට ඇතුලත් කිරීම

* දිනපොතේ ඇති විස්තර වලට අදාලව දත්ත පද්ධතියේ අදාල ස්ථාන වලට ඇතුලත් කිරීම.

03

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලඋප්පැන්න සහතික නොමැති පුද්ගලයින්( වයස අවු 50 )8% දක්වා අවම කිරිම

ජංගම සේවා සංවිධානය කිරීම

සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන ආකාරයට ජංගම සේවා සංවිධානය කිරීම

ග්‍රාම නිලධාරින්ගේ සහයෝගයෙන් ජංගම සේවා පැවැත්වීම

හැදුනුම්පත් හා රෙජිස්ට්‍රාර්ජෙනරාල්දෙපාර්තමේන්තුවේ ඉඩම් රෙජිස්ට්‍රාර් ඇතුලු නිළධාරීන් කැඳවීම.

04

දත්ත පද්ධතිය යාවත්කාලීන කිරිම

*අලුත උපන් පුද්ගලයින්ගේ, උප්පැන්න මරණ  කල්ගිය උපත් ලෙස ලියාපදිංචි කරන උපත් පිළිබද තොරතුරු ලැයිස්තුවකට ඇතුලත් කිරීම.

* මරණ හා විවාහ ලියාපදිංචි කිරීම පිළිබඳ තොරතුරු ඇතුලත් කිරීම

වර්ෂ 2015/2016/2017 අවසාන වන විට උපත්, විවාහ, මරණ සහතික  ස්කෑන් කිරීම( පරිලෝකනය කිරීම)

සහතික පරිලෝකනය කර දත්ත පද්ධතියට ඇතුලත් කිරීම

* උපත්, විවාහ , මරණ ලෙස සහතික වෙන් කිරීම

* නියමිත පොත් බයින්ඩ් කිරීම

* පොත් අංක කිරීම

 

08. සමාජ සේවා අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම

උපක්‍රියාකාරකම්

කාල රාමුව

1

දෛනිකරාජකාරී කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම තුලින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම

පෝෂණ මුද්දර ලබාදීම සම්බන්ධතොරතුරු ලැයිස්තු ගත කිරීම

තොරතුරුපහසුවෙන් ලබාගැනීම හා කාලය කළමනාකරණය කරගැනීම

* පෝෂණ අයදුම්පත් ලැබුණු විගස පරීක්ෂාකර බලා ප්‍රතිලාභීන් වෙත කඩිනමින් පෝෂණකාඩ්පත් ලබාදීම

* අඩුපාඩු ආකෘති නැවත ලබාගෙන ඉතා කඩිනමින් එම ප්‍රතිලාභීන් පෝෂණ වැඩසටහනට ඇතුලත්කරගැනීම                                 * සතිපතා අදාල ප්‍රතිලාභීන්ගේ විස්තර ලැයිස්තුකට  ඇතුලත් කිරීම

2016/2017

2

පෙරපාසල් දරුවන්ගේ පෝෂණ ය වර්ධනය ඇතිකිරීම

පෙරපාසල් පදනමේ ලියාපදිංචි පෙර පාසල් සදහා කිරි වීදුරුව වැඩසටහන ආරම්භ කිරීම

පෙරපාසල් දරුවන් 370 ක් සදහා උදෑසනඋදෑසන ආහාර වේල ලබා දීම

*පෙරපාසල් මට්ටමින් උදෑසන ආහාර ලබා දීමට කටයුතු සංවිධානය කිරීම

*ගෙවීම් කටයුතු සිදුකිරීම

*  පෙර පාසල් දරුවන්ගේ ලේඛනයක් ලබාගැනීම

*ප්‍ර‍තිපාදන ලබා දීම

2016/2017 වසර පුරා

3

වයස අවු.70ට වැඩි වැඩිහිටියන්ට වැඩිහිටි දීමනාව ලබාදීම

වයස අවු.70ට වැඩි වැඩිහිටියන් හා ඔවුන්ගේ අදායම් මට්ටම් පිළිබද තොරතුරු පද්ධතියක් සකස් කිරීම

වයසඅවු.70ට වැඩි වැඩිහිටියන් 3000කට රු.2000/= දීමනාව ලබාදීම

වැඩිහිටිටන් පිළිබද දත්ත පද්ධතියක් සකස් කිරීම

ප්‍රමුඛතා ගත කිරීම

2016/2017

4

වයස අවු.60ට වැඩි වැඩිහිටියන්ට වැඩිහිටි හැඳුනුම්පත ඉදිරිපත්කර තමඅනන්‍යතාවය ඔප්පුකර ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසාදීම

ආකෘතියක් මාර්ගයෙන් වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍යනිවරදි තොරතුරු කඩිනමින් ලබාගැනීම

වයස අවු.60ට වැඩි වැඩිහිටියන් 500ක්සඳහා

වයස අවු.60ට වැඩි වැඩිහිටියන්සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම

* ආකෘතිය මඟින්තොරතුරු ලබාගැනීම

*නියමිත නිර්දේශ හා අනුමැතිය ලබාගැනීම

2016/2017

5

අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීම

අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපන ආධාර ලබාදීම

අඩුආදායම්ලාභී පවුල් 10 ක දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම

තෝරාගත් පවුල්වලදරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීම

* වසම් මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල් පිළිබඳ තොරතුරු ලබාගැනීම                          * අදාල තොරතුරුභාවිතයෙන් සුදුසු පවුල් 05ක් තෝරාගැනීම

*අදාල නිලධාරීන්ගේ නිර්දේශ හා අනුමැතිය ලබාගැනීම

* දරුවන් සඳහාඅධ්‍යාපන ආධාර ලබාදීම

2016/2017

09 .  සමෘද්ධි අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම්

උපක්‍රියාකාරකම්

කාලරාමුව

1

කොට්ඨාශයේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් මට්ටම ඉහළ නංවා ඔවුන් දිළිදු කම තුරන් කිරීමට සහය වීම

ජීවෝනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ව්‍යාපෘති 260ක් ක්‍රියාත්මක කිරීම

සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීම

ව්‍යාපෘති අංශ හදුනා ගැනීම

2016/2017

2

සමෘද්ධි ලාභින්  සඳහා ආයෝජන මුදල් නිදහස් කරමින් සමෘද්ධි ව්‍යාපාරය පිළිබද විශ්වාසය ගොඩ නැගීම

සමෘද්ධි සංවර්ධන නිලධාරින් හරහා අඩුපාඩු රහිත අයදුම්පත්‍ර කඩිනමින් ලබා ගැනීම

සමෘද්ධි ආයෝජන ගිණුමින් අයදුම්පත්‍ර 783 කට පමණ මුදල් නිදහස් කිරීම

අනුමත කරවා ගෙන මුදල් නිදහස් කිරීමේ ලිපිය නිකුත් කිරීම

* අයදුම්පත්‍ර ලබා ගැනීම

* අවශ්‍යතා සම්පූර්ණකර ඇත්දැයි පරීක්ෂා කිරිම

2016/2017

3

4

අඩු ආදායම්ලාභීන් සදහා ණය ආධාර ලබා දීම

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ  

දුදරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම

ස්වයං රැකියා පුහුණු වැඩමුළු පවත්වා ණය සහ ආධාර ලබාදීම

පවුල් 3431 ක් සවිබල ගැන්වීම

ණය සහ ආධාර ලබා දීම

පුහුණුව සහ විපරම

2016/2017

ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ  

පවුල් සඳහා

මාසිකව රු1 500 බැගින් ශීෂ්‍යත්ව ප්‍රධාන 71ක් ලබා දීම

අධ්‍යාපන හැකියාව සහිත දරුවන් තෝරා ගැනීම

 

5

නිවාස ඉදිකිරීම තුලින් පවුල් 10කගේ මූලික අවශ්‍යතා සුරැකීම

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා සුදුසු පවුල්/නිවාස තෝරා ගැනීම

දිරිය පියස නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 4ක් ඉදිකිරීම

යෝජනා ලබා ගැනීම

* සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා යෝජනා ලබා ගැනීම

2016/2017

6

සමෘද්ධි  ලාභී පිළිබද තොරතුරු විධිමත් කිරීම

දත්ත පද්ධතියක් සකස් කිරීම

සියළු සමෘද්ධිලාබීන්ගේ තොරතුරු කඩිනමින් ලබා දීම

දත්ත පද්ධතියතක් සකස් කිරීම

සියළු පවුල් වල තොරතුරු ආකෘති පත්‍රයක් මගීන් ලබා ගැනීම

2016 මාර්තු සිට මැයි දක්වා

7

දිවි නැගුම අංශයේ නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනුවලට අදාල තොරතුරු විධිමත් කිරීම

දත්ත පද්ධතියක් සකස් කිරීම

සියළු නිලධාරින්ගේ  තොරතුරු කඩිනමින් ලබා දීම

දත්ත පද්ධතියතක් සකස් කිරීම

සියළු නිලධාරින්ගේ පෙධ්ගලික ලිපිගොනු තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම 

2016 මැයි

10 .ක්ෂේත්‍ර අංශය

 

අරමුණ

උපායමාර්ග

ඉලක්කය

ක්‍රියාකාරකම

උපක්‍රියාකාරකම්

කාල රාමුව

1

වැන්දඹු හා  ගෘහ මුලික කාන්තාවන් සවිබල ගැන්වීම

වැන්දඹු හා  ගෘහු  මුලික කාන්තා සංගමය ක් පිහිටුවීම                 

වැන්දඹු හා  ගෘහු  මුලික කාන්තා සංගමය

වැන්දඹු හා  ගෘහු  මුලික කාන්තා වන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම

1-ස්වයං රැකියා වැඩ සටහන්

2-චක්‍රිය ණය වැඩ සටහන්

3-පුහුණු වැඩ සටහන්

4-ක්ෂේත්‍ර පරික්ෂණ

2016/2017

2

ළමා සුරක්ෂිතතාවය  සහතික කිරීම

ළමා ජන ගහනය සංවිධාන ගත කිරීම

අවුරුදු 5-21අතර ළමා ජන සංඛ්‍යාව

ළමා සමාජ,ළමාකමිටු පිහිටු වීම හා ළමා  අධ්‍යාපන පහසුකම් වැඩි කිරීම

වසම් 125 ක සහ පාසැල් වැඩ සටහන්

2016/2017

3

අඩු ආදායම්ලාභීන්ගේ සුරක්ෂිතතාවය  සහතික කිරීම

ද්‍රව්‍ය , මූල්‍යාධාර දීම ස්වංරැකියා

අඩු ආදායම්ලාභීන්

විවිධ වැඩටහන්

මහජනා ධාර,රෝගාධාර,නිවාස ආධාර

2016/2017

4

ආර්ථික හා සමාජ සේවාවන් වල ගුණාත්මය හා ප්‍රමාණාත්මක බව ඉහල නැවීම

ඵලදායිතා සංකල්ප පිළිබද අවබෝධය සාමාජ හා  ආර්ථික ක්‍රියාවලිය තුල ශක්තිමත් කිරීම

රාජ්‍ය ,පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන

ඵලදායිතා සංකල්ප හදුන්වා දිම හා

 ක්‍රියාත්මක කිරීම

තත්වවිශ්ලේෂණ,තත්වකව, ඵලදායිතා තරග

2016/2017

5

මුල් ළමාවිය දරුව

න්ගේ කායික හා මානසික ක්‍රියකාරකම් ප්‍රශස්ත මට්ටම ක පවත්වා ගැනීම

පෝෂණ මට්ටම ඉහල නැවීම,දෙමාපිය රැකවරණය තහවුරු කිරීම,යහපත් මානසික හා සමාජ තත්වයන් සහතික කිරීම

මුල් ළමාවිය දරුව

න්,ගැබිණි වමුවරුන්,දෙමාපියන් හා වැඩි හිටියන්

පෝෂණ ,පුහුණු, අධ්‍යපනික හා  දැනුවත් කිරීමේ වැඩසටහන්

පෝෂණ මල්ල  ,ළමාදින වැඩහන්

2016/2017

6

පුද්ගල අනන්‍යතාවය තහවුරු කර ගැනීම

පුද්ගලයින් ලියාපදිංචි කිරීම

අවු 18 පුද්ගලයින්, පාසැල් ළමයි

ජාතික හැදුනුම්පත් ලබාදීම, තැපැල් හැදුනුම්පත් ලබාදීම

ජංගමසේවා,සංගණන,එක්දින සේවා

2016/2017

7

නිරෝගිමත් පුද්ගල ශරීර සෞඛ්‍යයක් සහතික කිරීම

ක්‍රීඩා ප්‍රචලිත කිරීම හා ක්‍රිඩා සමිති පිහිටු වීම

පාසැල් ළමයි,තරුණපිරිස,

ක්‍රිඩා තරග ,පුහුණු වැඩසටහන් සංවිධානය

 

2016/2017

8

සමාජ ආර්ථික ක්‍රියාකාරකම් තාක්ෂණය තුල වැඩිදියුණු කිරීම

පවතින තාක්ෂණික ක්‍රම වැඩිදියුණු කිරීම හා නව තාක්ෂණික ක්‍රම හදුන්වාදීම

පාසැල් ප්‍රජාව,ආර්ථික හා සේවා සපයන්නන්

පාසැල් වැඩසටහන්, ස්වංරැකියා ,කුඩා පරිමාන ව්‍යවසායකත්ව වැඩසටහන් ,තොරතුරු තාක්ෂණ වැඩසටහන්

පුහුණු වැඩසටහන් සංවිධානය

2016/2017

9

සමාජ සංහිදියාව හා තිරසාරබාවය පවත්වා ගැනීම

විවිධ ජනවර්ගවල අනන්‍යතාව තහවුරු කිරීම,ආගමික හා පවුල් පරිසරය ශක්තිමත් කිරීම

ආගමික නාකයන් ,පාසැල් ළමුන්,තරුණ කණ්ඩායම්,වැඩිහිටියන්

අධ්‍යත්මික වැඩසටහන්, ආගමික වැඩසටහන් ,

ආගමික උත්සව,ආචාරධර්ම,පුහුණු න්

2016/2017

10

විගමනික ශ්‍රමිකයින්ගේ හා පවුල්වල සුරක්ෂිතබව ඇති කිරීම

විගමනික කටයුතු නිත්‍යානුකූලව හා විධිමත්ව සිදු කිරීම

විගමනික ශ්‍රමිකයින් හා පවුල්

විගමනික ශ්‍රමිකයින්ගේ දැනුම හා හැකියා වර්ධනය කිරීම

භාෂා දැනුම ,හැකියා වර්ධනය,නීති  දැනුම ඇති කිරීම,

2016/2017

11

ඉඩම් භාවිතයේ තිරසාරත්වය ඇති කිරීම

සැළසුම්ගත ඉඩම් පරිහරණ රටාවක් ඇති කිරීම

භූමිය හා ප්‍රජාව

පාංශු හා ජල මූලාශ්‍ර සංරක්ෂණය, දැනුවත් කිරීම ,පුහුණු කිරීම

සිතියම් ගත කිරීම,ආදර්ශන,ක්ෂේත්‍ර චාරිකා,විවිධ වැඩසටහන්

2016/2017

12

ග්‍රාමීය සංවර්ධනය සදහා ප්‍රජා සහභාගිත්වය සහතික කිරීම

ග්‍රාමීය සංවර්ධන සමිති පිහිටුවීම

ග්‍රාම සංවර්ධන සමිති,ප්‍රජාපාදක සමිති,ප්‍රජාව

සමිති ක්‍රියාත්මක කිරීම, දැනුම හා ආකල්ප සංවර්ධනය

සංවර්ධන ව්‍යාපෘති සමිති හරහා ක්‍රියාත්මක කිරීම,පුහුණු වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා

2016/2017

13

පරිසරයේ තිරසාරත්වය  සහතික කිරීම

පරිසර සම්පත් කළමනාකරණය කිරීම

භූමිය ,වෘක්ෂලතා හා  සත්ව ප්‍රජාව

භූමිය ,වන හා සත්ව සංරක්ෂණය, දැනුම හා ආකල්ප ඇතිකිරීම

නීතිරීති, පුහුණු වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා

2016/2017

GN Officers Performance to develop Galkadapathana village.

 

පටුන

  1. ව්‍යාපෘතියේ පසුබිම
  2. ව්‍යාපෘතියේ නම
  3. ව්‍යාපෘතියේ තාර්කිකත්වය
  4. ව්‍යාපෘතියේ අභිමතාර්ත
  5. යෝජිත ගැටඵ
  6. ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරිමට යෝජිත ක්‍රියාකාරකම්
  7. ව්‍යාපෘතියේ උපාය මාර්ග
  8. ව්‍යාපෘතියේ සුවිශේෂි අරමුණු
  9. ව්‍යාපෘති කාල සිමාව
  10. ව්‍යාපෘතියේ ප්‍රතිලාභින්
  11. ව්‍යාපෘතියේ ප්‍රගතිය මැන බැලිමට යොදා ගන්නා ප්‍රගති දර්ශක
  12. ව්‍යාපෘතියේ මෙහෙයුම් යාන්ත්‍රණය
  13. ව්‍යාපෘතියේ ක්‍රියාත්මක යාන්ත්‍රණය
  14. පවත්වා ගැනිම හා නඩත්තුව
  15. ව්‍යාපෘතිය මගින් ස්ත්‍රි පුරුෂ අසමානතාවයට කරන බලපෑම
  16. පරිසර සුරැකිම හා ව්‍යාපෘතියේ බලපෑම
  17. ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුව හා මුල්‍ය සැලැස්ම

01 . ව්‍යාපෘතියේ පසුබිම (Background Of  The Project Proposal)

කෘෂිකාර්මික රටක් ලෙස සංවර්ධනය වන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරිමෙහිලා මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි . සංචාරක ආකර්ශනයක් ඇති දිස්ත්‍රික්කයක් ලෙස අවධානයට ලක් වන මෙහි බහුතර ජනතාවක් වැවිලි කර්මාන්තයෙන් හා කෘෂිකර්මාන්තයෙන් තම ජිවිකාව සරි කර ගනිති . පරිපාලනමය වශයෙන් ප්‍රා‍දේශියලේකම් කොට්ඨාස පහකින් සමන්විත වන අතර මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති ග්‍රාම නිළධාරි කොට්ඨාස 125 න් සමන්විත වලපනේ කොට්ඨාසය ඉන් එකකි . 1,500 mm – 2,500 mm වාර්ෂික වර්ෂාපතනයකින් හා ඉතා සෞම්‍ය දේශගුණයකින් යුත් මෙම කොට්ඨාස‍යේ උඩපළාත කෝරළයේ පිහිටා ඇති 533 එච් ගල්කඩපතන ග්‍රාම නිලධාරි වසම,මුහුදු මට්ටමේ සිට අඩි 4,000- 5,000 ත් අතර උසක පිහිටා ඇත .  පවුල් 362 ක 1,240 ක් වන ජනගහණය හෙක්ටයාර 118.5 ක් තුළ විසිරි පැතිරි වාසය කරන සුවිශේෂි ආර්ථික විභවතාවයක් ඇති කොට්ඨාසයකි. ප්‍රධාන ජිවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය හා සුළුඅපනයන භෝගයක් වන කෝපි වගාවයි .

කෝපි වගාවට ලැබෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගය ප්‍රමාණවත් නොවිමෙන් ගොවින් මෙම කර්මාන්තය තුළ රැදි සිටිමට මැළි කමක් දක්වති . විශේෂයෙන් ප්‍රාග්ධන හිගකම සහ අවශ්‍ය තරම් පැළ අවශ්‍ය කාලයේදි සපයා ගත නොහැකි විම ගොවින් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වේ. ලෝකයේ උසස්ම රසයක් ‚සුවදක් සහ ඉල්ලුමක් ඇති "ඇරබිකා ප්‍රභේධය" වගා කළ හැකි සුවිශේෂි දේශගුණික හා පාරිසරික සාධක වලින් මෙම කොට්ඨාසය ඉතා පොහොසත්ය . එසේම අවශ්‍ය පැළ සපයා දිමට අනුග්‍රහයක්මත තවාන් සකස් කිරිමටද ගොවින් ඉතා කැමැත්තෙන් පසුවෙති . මෙවැනි පසුබිමක කෝපි වගා කරන ගොවින්ට අවශ්‍ය  ප්‍රාග්ධනය සහා ගුණාත්මක පැළ නොමැති විමෙන් නිෂ්පාදනය අඩු වී අපේක්ෂිත ආදායම ලබා ගැනිමට නොහැකි වීම ප්‍රභල ගැටළුවක් වි ඇත .

මේ ආකාරයට අපේක්ෂිත ආදායම ගොවින්ට දිර්ඝ කාලයක් තිස්සේ අහිමි විමෙන් මෙම කෝපි කර්මාන්තය සම්පුර්ණයෙන්ම බිද වැටිමේ අවදානමක් පැන නැගි ඇත . එසේම ගොවින් වගාවෙන් ඉවත් විමෙන් කෝපි වගා කළ බිම් ප්‍රමාණය ඵලදායි ලෙස නොයෙදිම මගින් රටේ  නිෂ්පාදනය අඩු වේ . කෝපි සම්බන්ධ සෘජු සහ වක්‍ර රැකියා බිද වැටේ . මෙය ජාතික ආර්ථිකයටද කාලයත් සමග ඉතා අහිතකර බලපෑම් එල්ල කොට අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩි විමට  හේතුවක් විය හැක . එහෙයින් මෙම ගැටඵවට තිරසාර කඩිනම් විසදුමක් ලබා දිමට අත්‍යාවශ්‍ය වේ .

                                               

02 . ව්‍යාපෘතියේ නම (Name Of The Project)

533 එච් ගල්කඩපතන ග්‍රාමනිලධාරි වසමේ ප්‍රධාන සුළු අපනයන භෝගය ලෙස කෝපි වගාව තෝරා ගෙන සිටින ගොවින්ගේ වාර්ෂික ආදායම  අපේක්ෂිත මට්ටමට ගෙන  ඒම .

03 . ව්‍යාපෘතියේ තාර්කිකත්වය (RationaleoftheProject)

“සිලෝන් කෝපි “ වෙළදනාමය යටතේ ශ්‍රි ලංකාව‚ ක්‍රි.ව 1,870 තරම් ඈත අතීතයේදි මෙ.ටොන් 50,000 ක් පමණ කෝපි අපනයනය කරන ලද ප්‍රමුඛ පෙලේ කෝපි නිෂ්පාදකයෙක් විය . වර්තමානයේ කෝපි අපනයනය , වර්ෂයකට මෙ.ටොන් 6,000-8,000 ත් අතර වේ . මෙ නිසා අප කෝපි අපනයන වෙළදපොළ තුළ 2017 වසරේදි 48 වන ස්ථානය දක්වා පහත ගොස් ඇත . මේ කරුණ මගින් ම  ලංකාවට කෝපි අපනයනය කිරිමට ඇති ඉඩකඩ පැහැදිලි වේ . එසේම ‍ඇරබිකා ලක්පැරකුම් ප්‍රභේධය හොදින්ම වර්ධනය වන ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වීමත් ගල්කඩපතන එහි හොදම භෞතික පිහිටිමක පිහිටාතිබිමත් යන කාරණා මෙම වසම තුළ කෝපි වගාව ව්‍යාප්ත කිරිමට ප්‍රබල හේතුන් වේ .

තවද මෙම කෝපි ප්‍රභේදය ක්ෂේත්‍ර‍යේ සිටුවා වසර දෙකකින් ඵලදාව ලබා දිම ආරම්භ කරන අතර මුල් වසර දෙකේ සිට වසර පහ වන විට එක් ගසකින් වියළි කෝපි  කිලෝ ග්‍රෑම් හතරක පමණ අස්වැන්නක් ලබා ගැනිමට හැකි විම විශේෂ තත්වයකි . එක් පවුලක් සුළු අපනයන දෙපාර්තුමේන්තුවේ ප්‍රමිතිය අනුව, අක්කර 1/ 4 ක කෝපි ගස් 300 ක් සිටුවුවහොත් පළමු වසර දෙක අවසානයේදි එක් ගසකින් කිලෝ ග්‍රෑම්  එක බැගින් කිලෝ ග්‍රෑම්  300 ක අස්වැන්නක් ලබා ගත හැකි වේ . වසර 5 දි මෙම අස්වැන්න කිලෝ ග්‍රෑම් 1,200 දක්වා වැඩි වේ සාමාන්‍ය වෙළදපොළ තත්වය අනුව අවම ලෙස රුපිල් 600 ක මිළට කෝපි  කිලෝ ග්‍රෑම් එකක මිළ පැවතියහොත් වසර 5ක් අවසානයේ එක් පවුලක් කන්නයකට ලබන ආදායම  1,200X රුපියල් 600 . රු: 720,000 ක් වේ . මෙය වසමේ පවුල් 362 සදහාම ආදේශ කර බැලු විට එය රු 260,640 ,000 දල වශයෙන් රු  මිලියන 260 . 64 කි . වසමේ හෙක්ටයාර 118.5 ක ඉඩමි පිහිටා තිබීම මත මෙම තක්සේරුව ඉතා සාධාරණවේ . ‍මෙය කෝපිකිලෝවක් රු; 600 අවම මිළට අළෙවි වුවහොත්ය .නමුත් මෙම මිළ රු : 700- 1,000 ත් අතර ප්‍රමාණයකට ඉහළ දැමිය හැකි බැවින් ඉතා විශාල ආදායමක් උපයා ගත හැකි වනු ඇත . මෙතරම් ආදායමක් උපයාගත හැකි වගාවක් ගොවීන් අතහැර දැමීම හා ගොවීන්ට අතහැර දැමීමට සිදුවීමෙන් ග්‍රාමිය ආර්ථිකය කඩා වැටීම, ජාතික ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නොවනු ඇත . වසර පහකින් පසු වසරකට මිලියන 260 .64  බැගින් වසර කිහිපයක් මෙම ආදායම අහිමි වීම බිලියන ගණනක පාඩුවක්  දක්වා දිවෙනු ඇත . මෙම ව්‍යාපෘතිය නගා සිටු විමට වියදම් කල යුත්තේ ලක්ෂ 34 ක පමණ වන ඉතා සුඵ මුදලකි . මෙම මුදලද වියදම් කළ යුත්තේ වසර 20 කටපමණ එක් වරකි . එයින් ද රාජ්‍ය අනුග්‍රහය අපේක්ෂා කරන්නේ පලමු අවස්ථාවේදි පමණක් වන අතර අනතුරුව තම ආදායම් තත්වය වර්ධනය කර ගන්නා ගොවින් විසින් හා ඔවුන් විසින් ඇති කර ශක්තිමත් කර ගන්නා සංවිධානයක් මගින් මෙම තත්වය දිගින් දිගටම පවත්වා ගනු ඇත . මේ අනුව ලැබෙන  ප්‍රතිලාභය සැලකුව විට කරන වියදම නොසැලකිය හැකි වේ . තවද පුධාන රැකියා අවස්ථාවට අමතරව වක්‍ර රැකියාවලින් උපයන මුදල් ගණනය කර නොමැති බැවින් සම්පුර්ණ ප්‍රතිලාභය මෙයට වඩා ඉතා විශාල සංඛ්‍යාත්මක අගයක් ගන්නා බව පැහැදිලි වේ . එබැවින් මෙම ආයෝජනය ඉතා ඵලදායි දැවැන්ත ආයෝජනයක් වනු ඇත .

04  . ව්‍යාපෘතියේ අභිමතාර්ත (ThegolloftheProject)

වසමේ ප්‍රධාන සුළු අපනයන භෝගය ලෙස කෝපි වගා කරන ගොවින්ගේ ආදායම අපේක්ෂිත මට්ටමට ඉහළ නංවා ඔවුන් කෝපි කර්මාන්තය තුළ රදවා ගනිමින් නිෂ්පාදනය වැඩි කර , ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙමින්, අපනයන ආදායම ඉහළ නංවා ඉතුරුම් වැඩි කර , ගොවින්ගේ ස්ථාවර වත්කම් සුරක්ෂිත කර ගනිමින්, ඉහළ අධ්‍යාපන හා උසස් සෞඛ්‍යතත්වයක් සහිතව , ජාතික ආර්ථිකය ඉහළ නැංවිමට ඉහළ දායකත්වයක් සපයන ජනතාවක් ලෙස මොවුන්ගේ ජිවන තත්වය ඉහළ නැංවීම .

05 . ව්‍යාපෘතිය මගින් විසදීමට යෝජිත ගැටඵ

(ProblemsProposedtobesoveldbytheproject)

  1. I. ගුණාත්මකව කෝපි නිෂ්පාදනය කිරිම පිළිබදව ගොවින් දැනුවත් නොවිම .

නව දැනුම ගොවින්ට ලබා දිමට යාන්ත්‍රණයක් නොමැති කම හා නිලධාරි හිගය මත මෙම තත්වය ගොඩනැගි ඇත. ඉල්ලුමට සරිලන ලෙස ගුණාත්මකව කෝපි නිෂ්පාදනය නොවිමෙන් කෝපි සදහා නිශ්චිත ස්ථාවර මිලක් නොලැබේ .

  1. II. ගොවින්ට තම නිෂ්පාදන සාධාරණ මිළකට අළෙවි කිරිමට රාජ්‍ය හෝ පුද්ගලික ස්ථාන නොතිබිම .

කෝපි වගාවට ලැබෙන පුද්ගලික හා රාජ්‍ය අනුග්‍රහය අවම විම හා ප්‍රධාන අපනයන භෝග වලට යොදන අවධානය රජය සුළු අපනයන භෝග වලට නොයෙදිමත් , කෝපි වල අපනයන වටිනාකමේඅගය පිළිබදව නිසිතක්සේරුවක් කර නොතිබිමත් මත මෙම තත්වය හටගෙන ඇත.මේ නිසා කෝපි අතර මැදියන්ගේ ග්‍රහණයට නතු විමෙන් කෝපි සදහා ස්ථාවර මිළක් ලබා ගැනිමට ගොවින්ට නොහැකි වි තිබේ .

  • III. නව තවාන් ඇති කර නව ප්‍රභේධ ගොවින්ට හදුන්වා නොදිම .

නව තවාන් ඇති කිරිමට යෙදිය යුතු ප්‍රාග්ධන හිගකම හා පවතින පැරණි තවාන් වලින් වගාව  නඩත්තු කළ හැකි යැයි අදාළ අංශ පුරෝකථනය කර තිබිම මත ක්ෂේත්‍රයේ නව වගා ඇති නොවේ . මේ  නිසා වැඩි ඵලදාවක් ලැබෙන නව ප්‍රභේධ ගොවින්ට නොලැබිමෙන් ගොවින්ගේ අපේක්ෂිත ආදායම ක්ෂේත්‍රයේතිබෙන කෝපි වලින් ලබා ගැනිම දුෂ්කර වි තිබේ .

  1. IV. නව වගා ඇති කළ හැකි ඉඩම් හදුනා නොගැනිම .

නව වගා ඇති කළ හැකි ඉඩම් පිළිබදව සමික්ෂණයක් ඇති කර නොතිබිම හා අදාළ ආයතන ඒ පිළිබදව උනන්දුවක් නොදැක්විමත් ,  ආයතන වල සේවක සංඛ්‍යාව හිගකම සහ GPS තාක්ෂණයෙන්  ඉඩම් මැනිමට යන වියදම අධික විම මත මෙම තත්වය හටගෙන ඇත . මේ නිසා නව වගා ,ක්ෂේත්‍රයේඇති නොවිමෙන් නිෂ්පාදනය පහළ බැස ඇත .

  1. V. බදිරිගුල්ලාගේ හානිය .

කෝපි වගාවට ප්‍රධාන හානි දායක කෘමියා වන මෙම සත්වයා මර්දනය කරන ආකාරය පිළිබදව ගොවින් දැනුවත් නොවිම හා දැනුවත් කිරිමට  සිටින නිලධාරින්ද ප්‍රමාණවත් නොවිමෙන් වගාවට අහිතකර තත්වයක් ඇති වි ඇත . මේ නිසා පවතින කෝපි වලින් ලැබෙන ඵලදාව අඩු වි ඇත .

  1. VI. කෘමි නාශක භාවිතය නිසා හිතකර කෘමින් වගාවෙන් ඉවත් විම .

කෝපි පරාගණයට ප්‍රධානම සාධකය වන්නේ මි මැසි ක්‍රියාකාරිත්වය වේ . වර්තමානයේදි කාමිනාශක අධිකව භාවිතා කිරිම මත මි මැසි ජනපද වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමද කෝපි ඵලදාව අඩු විමට බලපා ඇත . එසේම වෙළදපොළ තුළ බාල රසායනික පොහොර හා කෘමිනාශක  සුලභ විමත් කාබනික පොහොර සපයා ගැනිමට ගොවින් හුරු වි නොතිබිමත් මෙම තත්වය ඇති විමට හේතු වි තිබේ .

  • නිසි අයුරින් වගාව නඩත්තු නොකිරිම .

නිසි නඩත්තුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබදව ගොවින් දැනුවත් නොකිරිම හේතුවෙන් නිසි තාක්ෂණ ක්‍රමවේද මත වගාව නඩත්තු නොවේ . මේ නිසා කෝපි වල ඵලදාව අඩුවිම ගොවින්ගේ ආදායම අඩු විමට බලපා ඇත .

  1. 06. ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරිමට යෝජිත ක්‍රියාකාරකම්

(ActivitiesPropsedtobelmplementedbyproject)

06.i   නව ප්‍රබේධ ප්‍රවර්ධන සංරචකය

  • නව ප්‍රබේධ සහිත තවාන් ඇති කිරිම .
  • නව තවාන් සදහා ප්‍රාග්ධන ආයෝජන ලබා දිම .
  • පවතින පැරණි තවාන් වලද නව ප්‍රබේධ පැළ කිරිම.
  • වැඩි ඵලදාවක් ලැබෙන ප්‍රබේධක්ෂේත්‍රයේ නව වගා ලෙස ඇති කිරිම.

06 :ii  යටිතල පහසුකම් ලබා දිමේ සංරචකය

i. නව වගා ඇති කළ හැකි ඉඩම් හදුනා ගැනිම.

ii. ඉඩම් සමික්ෂණයට යන්ත්‍රණයක් සකස් කිරිම.

iii. ඉඩම් විධිමත්ව හා කඩිනම්ව මැන වෙන් කිරිම .

iv. කෝපි මිලදි ගන්නා යාන්ත්‍රණයක් සකස් කිරිම

06 :iii මානව සම්පත් ප්‍රවර්ධන සංරචකය

i. නිසි නඩත්තුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබදව ගොවින් දැනුවත් කිරිම.

ii. ගුණාත්මක කෝපි නිෂ්පාදනය කිරිම පිළිබදව ගොවින් දැනුවත් කිරිම .

iii. කෝපි පිළිබදව දැනුවත් කරන ප්‍රචාරණ යන්ත්‍රණයක් සකස් කිරිම හා එයින් අපනයන ප්‍රතිලාභ පිළිබදව දැනුවත් කිරිම .

iv. මි මැසි පාලනය පිළිබදව ගොවින්ට පුහුණුවක් ලබා දිම .

v. ප්‍රබල කෝපි සමිති ඇති කිරිම හා ගොවින් කණ්ඩායම් ලෙස සංවිධාන ගත කිරිම .

06 :iv  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහය කෝපි වගාවට ලබා දිමේ  සංරචකය

රජය මගින් ප්‍රධාන අපනයන භෝග වලට යොදන අවදානය සුඵ අපනයන භෝග වලටද ලබාගැනිමේ යාන්ත්‍රණයක් සකස් කිරිම .

01 . අනෙක් රාජ්‍ය අංශ වල සහය ලබාගැනිම .

  • කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .
  • අපනයන සංවර්ධන මණ්ඩලය .
  • අපනයන කෘෂි දෙපාර්තුමේන්තුව .
  • ගොවිජනසේවා දෙපාර්තමේන්තුව .

02 . පුද්ගලික ආයතන වල සහය ලබා ගැනිම .

  • කියොතා කොෆි ආයතනය
  • කැෆෝගා ප්‍රොඩක්ට්ස් ආයතනය

06 :v  කෝපි සාධාරණ මිළකට ගැනිමේ වෙළද යාන්ත්‍රණයක් සැකසිමේ සංරචකය

  1. ගොවින්ගේ ඉඩම් වලටම ගොස් නිෂ්පාදන මිළදි ගැනිම .
  2. කෝපි මිළදි ගන්නා ස්ථාන ප්‍රා‍දේශිය මට්ටමෙන් ඇති කිරිම .
  • iii. කෝපි වෙළදුන්ට බදුසහන ලබා දිම .
  • iv. ලෝක වෙළදපොළ කෝපි මිල උච්ඡාවචනය පිළිබදව රජය අවධානයෙන් සිටිම .

06 :vi  අස්වනු ප්‍රවර්ධන සංරචකය

  • බදිරිගුල්ලාගේ හානිය වැලැක්විමට තාක්ෂණය ලබා දිම .
  • මි මැසි ජනපදසංඛ්‍යාව ගම තුළ වැඩි කිරිම .
  • මි මැසි පෙටිටි ලබා දිම .
  • මී මැසි ජනපද ලබා දිම .
  •  කාබනික පොහොර සකස් කිරිමට හා භාවිතයට පහසුකම් ලබා දිම .
  • කෘමි නාශක භාවිතය ක්ෂේත්‍රය තුළ අඩු කිරිම .

 

07 ව්‍යාපෘතියේ උපාය මාර්ග (Strategiesoftheproject)

  1. වසමේ ප්‍රධාන සුඵ අපනයන භෝගය ලෙස කෝපි වගා කරන ගොවින්ගේ ආදායම අපේක්ෂා මට්ටමට ඉහළ නැංවිම තුලින් , ගොවින් කෝපි වගාව වෙත ආකර්ශනය කර කෝපි නිෂ්පාදනය වැඩිකිරිමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිම මගින් , ගණුදෙණුකරුවන් රැක ගනිමින් අපනයන ආදායම වැඩිකර ජාතික වශයෙන් රටේ සංවර්ධනය ඉහල නැංවිමට දායක විම .
  1. ගොවින්ගේ ආදායම ඉහළ නැංවිම මගින් කෝපි වගාවට භාවිතා කරන ඉඩමි ප්‍රමාණය හා ඒවායේ ඵලදායිතාවය වැඩි වේ . පාරම්පරික ඉඩම් අන්සතු විම වැළකිගොවින්ගේ ස්ථාවර වත්කම් ආරක්ෂා මගින් විශ්වාසයෙන් යුතුව ජාතික සංවර්ධනයට දායක කරවා ගැනිම ට හැකි වීම ප්‍රධාන උපාය මාර්ගයකි .
  1. අපේක්ෂිත ආදායම ඉහළ තත්වයකට ගෙන ඒමෙන් ගොවින්ගේ ක්‍රය ශක්තිය වැඩිවිම තුළ යහපත් සෞඛ්‍ය තත්වයක් සහ ඉහළ අධ්‍යාපනික අවස්ථා ළගා කර ගැනිමට හැකි වීමත් කායිකව සහ මානසිකව මුල්‍යමය ලෙස ශක්තිමත් වීම ජාතික වශයෙන් සංවර්ධන කාර්ය සඵල කර ගැනිමටත් හේතු වනු ඇත .
  1. ගොවින්ගේ ආදායම ඉහළ යාම තුළ ඉතුරුම් වැඩි වි ණය ගැනිම් දුර්වල වි ආර්ථික හැකියාව ඉහළ යාම මගින් කෝපි වවන්නන්ගේ ජිවන තත්වය ඉහළ නංවා ලිම .
  1. කෝපි වගාවේ ආදායම ඉහළ යාම මත තව තවත් ගොවින් මෙයට ආකර්ෂණය කර ඍජු හා වක්‍ර රැකියා උත්පාදනය කරමින් කෝපි සදහා වෙළදපොළ තුළ බිහි වන බාල ආදේශක අවම කොට ආනයනය දුර්වල කිරිමත් අපනයනය ඉහළ දැමිමත් එමගින් උද්ධමනය අඩු විම මත සංවර්ධන දර්ශක ඉහළ නැංවිමත් අපේක්ෂා කෙරේ .

08 ව්‍යාපෘතියේ සුවිශේෂි අරමුණු (SpecificObjectivesOfTheProject)

 

  1. 2018 වර්ෂය ආරම්භයේදි වසම තුළ කෝපි වගාකරන ලද බිම් ප්‍රමාණය 2019 වසර ආරම්භය වන විට 50 % න් වැඩි කිරිම .
  1. 2018 වර්ෂ‍යේ වසම තුළ කෝපි ශාක ප්‍රමාණය 2019 වසර අවසන් විට 100 % න් වැඩි කිරිම.
  1. 2018 වර්ෂ‍ය ආරම්භයේදි 40% ක් පමණ වු කෝපි වගාවට බදිරිගුල්ලාගෙන් වන හානිය 2020 වර්ෂ‍ය වන විට 10% ක් දක්වා පහත හෙළිම .
  1. 2018 වර්ෂ‍ය මුල වසමේ ස්ථාපිතව ඇති මි මැසි ජනපද සංඛ්‍යාව 2019 වර්ෂය අග වන විට100 %කින් වැඩි කිරිම .
  1. 2018 වර්ෂ‍ය තුළ80 % කෘමිනාශක භාවිතය 2020 වන විට 20 % ක් දක්වා පහත හෙළිම .
  1. 2018 වර්ෂ‍යඅග භාගයේදි 20 % ක් වු කාබනික පොහොර භාවිතය 2020 මුල් භාගය වන විට 80 %ක් දක්වා ඉහළ නැංවීම .
  1. 2018 වර්ෂයේ වලපනේ කොට්ඨාසය තුල පිහිටුවා ඇති කෝපි සංගම් දෙකක ප්‍රමාණය 2023 වන විට 10 ක් දක්වා වැඩි කිරිම .
  1. 2018 වර්ෂ‍‍යේවසම තුළ නඩත්තු කරන 10,000 ක් වන කෝපි පැළ සංඛ්‍යාව 2019 වර්ෂය අග භාගය වන විට 500 %කින් වැඩි කිරිම .
  1. 2018 වසර ආරම්භ වන විට වසම තුළ ලබා ගත් කෝපි ඵලදාව 2023 වසර වන විට 4000 % ගුණයකින් වැඩි කිරිම.

09 ව්‍යාපෘති කාල සිමාව (DurationOfTheProject)

වසම තුළ කෝපි වගාවේ නිරත වන ගොවින්ගේ ආදායම අපේක්ෂිත මට්ටමට ඉහළ නැංවිමේ ව්‍යාපෘතිය 2018 සැප්තැම්බර් මාසයෙන් ආරම්භ වි 2020 අගෝස්තුමසින් අවසන් විමට නියමිතය .ඒ අනුව ව්‍යාපෘති කාල සිමාව වසර 02කි .

10 ව්‍යාපෘතියේ ප්‍රතිලාභින් (BenificiariesOfTheProject)

  • සෘජු ප්‍රතිලාභින් (DirectBenificiaries)

වස‍මේ පවුල් 362 ක 1240 වන මුළු ජනතාවම ඍජු ප්‍රතිලාභින් වේ . මෙම සෘජු ප්‍රතිලාභින් අතරට

  • ක්ෂුද්‍ර මුලය ආයතන වලින් ණය ලබා ගෙන ගෙවීමට නොහැකි තත්වයට පත්ව , ණය චක්‍රයක සිර වි ඇති පවුල් 22 ක කාන්තාවන්ද ,
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහිත පවුල් 08ක කාන්තාවන්ද ,
  • ස්වාමියා හැර ගොස් ළමුන් සමග තනිව වෙසෙනපවුල් 05ක කාන්තාවන්ද ,
  • කාන්තා මුලික පවුල් 74 ක්ද මෙයට ඇතුලත්ය .
  • වක්‍ර ප්‍රතිලාභින් (lnDirectBenificiaries)

කෝපි ව්‍යාපාරය හැදින්වෙන්නේ ලෝකයේ තෙවැනි විශාලතම වෙළදාම ලෙසයි . මෙයින්ම මෙම වගාව කෙතරමි පුළුල් පරාසයක් තුල ව්‍යාප්ත වි ඇත්දැයි පැහැදිලි වේ . මේ තුළ සිටින ශ්‍රී ලංකාවේ කෝපි පානය කරන්නන්ගේ සිට ලොව තුළ සිටින සියළුම කෝපි ළෝලින් වක්‍ර ප්‍රතිලාභින් ගණයට ගත හැක . එසේම කෝපි සදහා යන්ත්‍රසුත්‍ර නිෂ්පාදනය කරන්නන් මෙන්ම මේ හා බැදුණු රස කැවිලි නිෂ්පාදන ආයතන , බිමනිෂ්පාදන ආයතන , ඒ තුළ සේවය කරන

පිරිස් , ප්‍රවාහනයට සම්බන්ධ පිරිස් ද මෙයට අයත් වේ . වාණිජ්‍ය ලෙස ප්‍රචාරණයට සම්බන්ධ ආයතන ඒ තුල සේවය කරන්නන්ද කෝපි ව්‍යාපාරයේ වක්‍ර ප්‍රතිලාභින් වේ . කෝපි පොහොර නිෂ්පාදකයන් හා ඒ සම්බන්ධ සියළු ක්ෂේත්‍ර නියෝජනය කරන්නන්ද මෙම ජාලයේ කොටස්කරුවෝ වේ . මී මැසි පාලනයට අදාළ පිරිස්ද කෝපි වගාවේ වක්‍ර ප්‍රතිලාභින් ගණයට ගත හැකිය . මෙසේ සළකා බලන විට ලොව විශාලම වක්‍ර ප්‍රතිලාභින් ගණනාවක් අයත් ක්ෂේත්‍රයක් ලෙස මෙම ව්‍යාපාරය හදුන්වා දිය හැක . මෙහි වක්‍ර ප්‍රතිලාභින් ප්‍රමාණය මිණිය නොහැකි වේ .

11 ව්‍යාපෘතියේ ප්‍රගතිය මැන බැලිමට යොදා ගන්නා ප්‍රගති දර්ශක

(PerformancelndicatorsToBeUsedToEvalvateTheProject)

  1. 2018 වර්ෂ‍ය ආරම්භයේදි වසම තුළකෝපි වගා කරන ලද බිමි ප්‍රමාණය 2019 වර්ෂය අග භාගය වන විට වැඩි වී ඇති ප්‍රමාණය ප්‍රතිශතාත්මකව මැන බැලිම .
  1. 2018 වර්ෂ‍යේවසම තුළ සිටුවා ඇති කෝපි ශාක ප්‍රමාණය 2019 වර්ෂය අවසන් වන විට කොපමණ ප්‍රමාණයකින් වැඩි කර ඇත් දැයි මැන බැලිම .
  1. 2018 වසර ආරම්භයේදි 40 % ක් පමණ වන බදිරිගුල්ලාගේ වගා හානිය 2020 වන විට අඩු කරන ලද ප්‍රතිශතය මැන බැලිම .
  1. 2018 වර්ෂ‍යේ මුල වසමේ ස්ථාපිතව තිබු මි මැසි ජනපද සංඛ්‍යාව 2019 වර්ෂය අග වන විට වැඩි වී ඇති ප්‍රමාණය ගණනය කර බැලිම .
  1. 2018 වර්ෂ‍ය තුළ වසම තුළ80%කෘමි නාශක භාවිතය 2020 වන විට අඩු කර ඇතිප්‍රතිශතය මැන බැලිම .
  1. 2018 වසරේ අග භාගයේදි 20% වු කාබනික පොහොර භාවිතය 2020 මුල්  භාගය වන විට වැඩි කර ඇති ප්‍රතිශතය මැන බැලිම .
  1. 2018 වර්ෂයේ වලපනේ කොට්ඨාසයේ කෝපි සංගම් දෙකක ප්‍රමාණය 2020 වන විට කොපමණ ප්‍රමාණයක් දක්වා වැඩි කර පිහිටුවා ඇත් දැයි ගණනය කර බැලිම .
  1. 2018 වර්ෂය තුළ වසම තුල නඩත්තු කරන 10,000 ක් වන තවාන් පැළ සංඛ්‍යාව 2019 වර්ෂ‍ය අග භාගය වන විට වැඩි කර ඇති ප්‍රමාණය ගණනය කර බැලිම .
  1. 2018 වසරආරම්භයේදි වසම තුළ ලබා ගත් කෝපි ඵලදාව 2020 වන විට වැඩි කර ගෙන ඇති ඵලදා කෝපි ප්‍රතිශතයමැන බැලිම .

12 ව්‍යාපෘතියේ මෙහෙයුම් යාන්ත්‍රණය

(MonitoringMachanismOfThe Project)

කෝපි ව්‍යාපෘතියේ ආරම්භක ලක්ෂය වන නව වගාවට කෝපි ඉඩම් හදුනා ගැනිමේ සිට ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වන අවුරුදු දෙකකකාලයක් සදහා සහ ඊට පසු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා නිශ්චිත සමිතියකට හෝ නායකත්වයකට පවරණ තුරුම මෙහෙයුම් යාන්ත්‍රණයක්‍රියාත්මක විය යුතුය .

මේ සියළු කාර්යන් සදහා ග්‍රාම නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කම්ටුවක් පත් කෙරේ  . මෙම කමිටුවට

  1. ග්‍රාම නිලධාරි
  2. සංවර්ධනනිලධාරි
  3. කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර
  4. සමෘද්ධි සංවර්ධන නිලධාරි
  5. කෘෂිකර්ම උපදේශක
  6. ප්‍රතිලාභින් 07 (කාන්තාවන් 3 ක් හා පිරිමි  04  )
  7. සුළු අපනයන භෝග ව්‍යාප්ති නිලධාරි
  8. වසමේ පළාත් පාලන මහජන නියෝජිතවරයා
  9. අපනයනසංවර්ධන නිලධාරි

 සියළු ගමිවාසින් කැදවා රැස්වීමකදි ඔවුන් ඉදිරිපිටදී පත් කර ගත යුතුය.එහිදී සකස් කර ඇති තොරතුරු ඔවුනට ඉදිරිපත් කර ව්‍යාපෘතියේ වැදගත්කම හා ප්‍රතිලාභය පිළිබදව ගොවින් දැනුවත් කිරිමත්,කාලරාමුව ගොවින් සමග සාකච්ඡා කිරීමත් කළ  යුතුය .

තෝරා ගත් නිශ්චිත කාලයක් තුළ සමීක්ෂණ පෝරමයක්  මගින් ඉඩමි විස්තර හදුනාගෙන  වසමට යෝග්‍ය නව වගා කල හැකි ඉඩම් සැලැස්මක් පිඹුරු අංක / දිමනා බලපත්‍ර අංක සමග සකස් කෙරේ . මේ සදහා පිහිටුවා ඇති උඩරට රන් කෝපි සමිතියේ නිලධාරින් තිදෙනා ග්‍රාම ශක්ති කෝපි පර්ෂදයේ නිලධාරින්ද  වන බැවින් ඔවුන්ද සහභාගි කර ගැනේ . මෙම සියළු නිලධාරි කාන්තා නිලධාරි වන බැවින් කාන්තා නියෝජනය ප්‍රබල වේ .

03 . තවාන සකස් කිරිම -

මේසදහා සුළු අපනයන ව්‍යාප්ති නිලධාරිගේ සහය ලබා ගෙන තවාන් නිෂ්පාදනය සදහා තවාන් කරුවෙකු ලියාපදිංචි කිරිමත් තවානට සුදුසු ඉඩමක් (යට්තල පහසුකම් සහිත ) තෝරා ගැනිමක් සිදු කෙරේ .මෙයද මෙහෙයුම් කමිටුවේ අධීක්ෂණය මත සිදු කළ යුතුය.

තවානට අවශ්‍ය වැලි සහ බීජ  ආදිය ලබා ගැනිම සදහා අදාල ආයතන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිතිමය තත්ව මත කටයුතු කල යුතු වේ . මින්පසු තවාන ආරම්භයේ පටන්  තවානේ පැල ක්ෂේත්‍රය තුළ සිටුවන තුරුම සුළු අපනයන ව්‍යාප්ති නිලධාරි සමග සබදතා පවත්වමින් අවශ්‍ය උපදෙස් තාක්ෂණික ක්‍රම මත තවාන නඩත්තු කල යුතු වේ. මෙම සෑම කාර්යක්ම නිශ්චිත කාලරාමුවක් තුළ සිදුවන්නේදැයි මෙහයුම් කමිටුව මගින්සොයා බැලිය යුතු වේ .

04 . මාස 6 ට පසු තවානෙන් ලබා ගන්නා පැළ මුලින් සකස් කළ ඉඩමි විස්තරය අනුව ඒ ඒ ඉඩමට අවශ්‍ය පැළ ප්‍රමාණය නිශ්චිත සාධක මත එනමි සමිපුර්ණයෙන්ම නොමිලේද 50 % දායකත්වය මතද යන්න සලකා ගොවින්ට ලබා දිය යුතුය . වලවල් වල ප්‍රමාණය පැළ අතර පරතරය පේලි අතර පරතරය පිළිබදව ගොවින් දැනුවත් කර නියමාකාරයෙන් පැළ සිටුවන්නේද යන්න පරික්ෂා කලයුතුය .

05 . ව්‍යාපෘතියේ සෑම ක්‍රියාකාරකමක්ම අවසානයේ අපේක්ෂිත ඉලක්කය කරා එනම් ගොවින්ගේ ආදායම අපේක්ෂිත මට්ටමට ඉහල නැංවිම අරමුණු වන්නේදැයි හා කාර්යයන් නියමිත දිනට ඉටුවන්නේදැයි සොයා පිළියම් යෙදිය යුතුය . මේ සදහා

  • ලිපි මගින් තොරතුරු ලබා ගැනිම .
  • ක්ෂේත්‍ර නිරික්ෂණ චාරිකා
  • පැමිණිලි පෙට්ටි සහ SMS මගින් තොරතුරු ලබා ගැනිම .
  • මෙහෙයුම් සාකච්ඡා පැවැත්වීම . (මාසික ප්‍රගති සමාලෝචනරැස්වීම පැවැත්වීම)

විශේෂයෙන් රාජ්‍ය නිලධාරින් වසමෙන් ස්ථාන මාරු විය හැකි බැවින් ඒ සදහා කඩිනමින් අනුප්‍රාප්තිකයකු මෙහෙයුම් කමිටුවට අනුයුක්ත කර ගැනිමට කණ්ඩායම්සාමාජිකයන් කටයුතු කළ යුතුය .

06. සම්පුර්ණ ව්‍යාපෘති කාලය තුළදි ඒඒ කාලය තුළදි සම්පුර්ණ විඇති අරමුණු හා , අඩක් සම්පුර්ණ විඇති අරමුණු , සමග අරමුණින් සාධක කෙතරම් තත්වයක් බැහැර වී ඇත්දැයි අනිවාර්යයෙන්ම සාකච්ඡා කර පිළියම් යෙදිය යුතුය .

මේ සදහා කෝපි වගාව තුළ..............

  • වෙළදපොළ තත්වයන් වෙනස් වීම
  • පාර්ශව කරුවන්ගේ (Stakeholders) ගැටළු
  • පවත්නා නීතියට පටහැනිව කටයුතු කිරිම .
  • මුල්‍ය දායකයින් (Donar Agendes) ගේ අදහස් හා කොන්දේසි ඉටු නොවිම
  • සමාජ ආර්ථික , දේශපාලනික , ඉඩම් ගැටළු මතු වීම
  • ව්‍යාපෘතියට නිවැරදි නායකත්වයක් නොවීම
  • අවදානම කල් තබා කලමනාකරණය නොකිරිම

වැනි ගැටළු මතු විය හැක . මේ නිසා මෙහෙයුම් කමිටුව කල් තබා මෙවැනි ගැටළුවලට මුහුන දෙන ආකාරයට සුදානම්ව සිටිය යුතුය . අමතර සැළසුම් ගණනාවක් තිබිය යුතුය .

උදා : ප්‍රධාන වෙළද ගැණුම්කරු වෙළදාම අත්හැරියහාත් වෙනත් ආදේශකයකු සුදානමින් තබා ගැනිමට කෝපි සංගමය දැනුවත් කර තිබිය යුතුය . මෙම මෙහෙයුම් කමිටුවේ කාර්ය , ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වී ප්‍රතිලාභින් එහි ක්‍රියාවලියෙහි ඉදිරි මෙහෙයුම් හා නඩත්තුවේ වගකිමද භාර ගන්නා තුරුම අවසන් නොවේ .

13 ව්‍යාපෘතියේ ක්‍රියාත්මක යාන්ත්‍රණය

(ImplemantationMechanisimentOfTheProject)

01 . ක්‍රියාකාරකම  - වැඩි ඵලදාවක් ලැබෙන ප්‍රභේදක්ෂේත්‍ර‍යේ නව වගා ලෙස ඇති කිරිම .

  1. අනු ක්‍රියාකාරකම - නව වගා ඇති කළ හැකි ඉඩම් හදුනා ගැනිම .
  2. අනු ක්‍රියාකාරකම - නව තවාන් ඇති කර නව ප්‍රබේද ඇතිකිරිම .

මේ සදහා ආයතන ලෙස

  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • මිනින්දෝරු දෙපාර්තුමේන්තුව
  • සුළුඅපනයන භෝග ව්‍යාප්ති අංශය
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  • ගොවිජනසේවා දෙපාර්තුමේන්තුව

සම්බන්ධ කර ගැනේ .

සමික්ෂණය සදහා මසක පමණ කාලයක් ගත වේ . මේ සදහා දළවශයෙන් රු . ලක්ෂයක පමණ මුදලක් වැය වේ . හෙක්ටයාර් 118.5 ක් සමික්ෂණය කළ යුතුය .

 2 . ක්‍රියාකාරකම  - නව තවාන් ඇති කර නව ප්‍රභේද ඇතිකිරිම .

මෙහි අනුක්‍රියාකාරකමි රැසකි .ඒවා පහත පරිදි සවිස්තරාත්මකව දක්වා ඇත .

  1. පැළ ලක්ෂයක් සදහා ක්‍රියාත්මක සැලැස්ම සකස් කර ඇත .

ක්‍රියාකාරකම

සම්බන්ධ වන ආයතනය ස්වෙච්ඡා සමිතිය

කාලය

 

1.      තවාන් නිශ්පාදකයකු ලියාපදිංචි කිරිම .

සුළුඅපනයනභෝග ව්‍යාප්ත දෙපාර්තුමේන්තුව

අවසන්

-

2.      සුදුසු ඉඩමක් තෝරා ගැනිම

එම

අවසන්

-

3.      තවාන් පාත්ති සකස් කිරිම දිග අවශ්‍ය තරමි පළල අඩි 20 X 60 = 1200 (වර්ග අඩි )පැළ 100,000 ට වැලි කියුබ් 10

එම

සති 05

පුද්ගලයන් දෙදෙනකු වැඩ කළේ නම් දිනකට රු : 1,000 බැගින්

දින 45 Xරු :2,000 =රු : 90,000

වැලි සහ ප්‍රවාහනය සදහා

රු: 100,000+රු: 20,000 =රු :120,000

රු : 210,000

4.      කෝපි පැළ ඇසුරුමි බෑග් වල සිටු විම .

එම

සති  06

කාබනික පෙහොර රු: 25,000

මතුපිට පස්             රු : 2,000

වැලි                       රු : 50,000

ශ්‍රමය                      රු : 90,000

උපකරණ මිළදි ගැනිම් රු:8,000

රු :  175,000  

 රු :  175,000 + රු : 210,000 =රු :385,000

දළ වියදම පැළ 100,000 ක් සදහා

ක්‍රියාකාරකම

සම්බන්ධ වන ආයතනය ස්වෙච්ඡා සමිතිය

කාලය

 

5.      ආරක්ෂිත ගෘහයක් සදහා

එම

 

Fire Guard Net- රු: 66,000

පොළිතින් බෑග් ගේජ් 200 පළල 5" උස 8"                     =                            = රු : 300,000

සැකිල්ල                  = රු :120,000

ශ්‍රමය                       = රු :   50,000

එකතුව                    = රු : 536,000

6.      කෝපි බිජ සපයා ගැනිම

එම

සති 01

බීජ කිලෝ 25

 රු :125,000

7.      කෝපි තවානට යන දළ මුළු වියදම පැළ 100,000ක් සිටු විම සදහා

   

රු , 10,46,000

03 . ක්‍රියාකාරකම  - කෝපි පැළස්ථාවර මිලක් යටතේ  ගොවින්ට ලබා දීම .

තවානෙන් ගත් කෝපි පැළ ඉඩම් වල ප්‍රමාණය අනුව අක්කර 1/4කට පැළ 300 ක් වන සේ එක් පැළයක් රු 14 /- ක  ස්ථාවර මිලක් යටතේ  ගොවින්ට ලබා දි ක්ෂේත්‍රය තුළ සිටු විය යුතුය . පැළ අතර හා පේළි අතර 6 X 6 අඩි පරතරයක් ඇතිව සුළුඅපනයන ව්‍යාප්ති නිලධාරියා ගේ මෙහෙය විම යටතේ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වන මහ කන්නයේ සැප්තම්බර් සිට මාර්තු දක්වා කාලය තුල පැළ සිටුවා අවසන් කළ යුතුය . දළ වශයෙන් 50 % දායකත්වයට නම් පැළ 300 ට නම් රු . 2,100 ක වියදමක් ගොවියා දැරිය යුතුය .

අනු ක්‍රියාකාරකම  - උපකරණ මිළදි ගත යුතුය .

එනමි

ලීටර් 09 මල් බාල්දි 02 = රු2,000

ලීටර් 15 ස්ප්‍රේ යන්ත්‍ර 01= රු 6,000                                                                                                                   

                                 = රු  8,000     

04 . ක්‍රියාකාරකම - නඩත්තුව හා දැනුවත් කිරිම

පැළ සදහා අපනයන කෘෂි දෙපාර්තුමේන්තුවේ සෘජු අධික්ෂණය මත පුහුණුවිම් සමග පැළ නඩත්තු කළ යුතුය . පුහුණු කිරිම සදහා සමිපත් දායකයන් සපයා ගත යුතුය . මේ සදහා ඔවුනට දෛනික දිමනාවක් ගෙවිය යුතු වේ . මේ අයුරින් අවුරුද්දක කාලයක් ගස නඩත්තු කර පළමු අවුරුද්දේ  පිපෙන මල් ඉවත් කර පාලනය කළ යුතුය . දෙවන අවුරුද්දේ අග භාගයේදි  ඇරබිකා ලක් පැරකුමි ප්‍රභේදයේඑක් ගසකින්  කි.ග්‍රෑම් 1 ක වියළි කෝපි අස්වැන්නක් ලබා ගත හැකි වනු ඇත . මෙය නඩත්තු ක්‍රමවේදය මත ක්‍රමානුකූලව අස්වැන්න වැඩි වනු ඇත .

05 . ක්‍රියාකාරකම - වගාවටහානිවන සතුන් ඉවත් කර හිතකර සතුන් වගාවට ආකර්ශනය කර විම .

  1. අනු ක්‍රියාකාරකම  -

බදිරිගුල්ලාගේ හානිය පාලනය කල යුතුය . මේ සදහා සුළුඅපනයන ව්‍යාප්ති නිලධාරිගේ උපදෙස් ගත යුතුය .

  1. අනු ක්‍රියාකාරකම  -

මි මැසි ජනපද සංඛ්‍යාව වැඩි කිරිම . කෘෂිකර්ම උපදේශක තුමන්ගේ උපදෙස් මත මී මැසි  පෙට්ට් ලබා ගත යුතු වේ .

එක් පෙට්ටියක වටිනාකම රු : 1,500  පෙට්ටි 100 Xරු : 1,500= රු : 150,000

ජනපදයක් රු : 2,000 බැගින් පෙට්ටි 100 ක් සදහා =  රු : 200,000

මි මැසි පාලනය සදහා  වියදම = රු : 350,000

නමුත් මාස 2-3 යන විට මි මැසි ජනපද වලින් පැණි සපයා ගත හැකි අතර බෝතලයක් රු: 1,500 කට අළෙවි කළ හොත් පළමු මාස 6 තුළ පෙට්ට් සදහා ගිය වියදම සපුරා ගත හැකි වනු ඇත . මි මැසි ක්‍රියාකාරිත්වය සමග දෙවන අවුරුද්දේ සිට කෝපි පරාගණයද සක්‍රියව  සිදු වනු ඇත .

14 . පවත්වා ගැනිම හා නඩත්තුව (Operation & Maintenance)

කෝපිවගාව පවත්වාගෙන යන්නේ පුද්ගලිකවම ගොවින් සතු ඉඩම් වල වේ . නමුත් එම වගාවන් නඩත්තුවටද සැලකිය යුතු මුදලක් වැය වේ .

බෑවුම් සහිත ඉඩම් වල පස සෝදා ගෙන යෑම වැලැක්විමට කටයුතු කල යුතුය . කෝපි ශාක වල මූල මණ්ඩලය පෑදිම මගින් දිලිර රෝග සෑදිමට මෙන්ම ඵලදාව අඩුවීමටද හේතුවක් වේ . මේ සදහා වසරකට ඉඩම් වල ගල් බැමි ඉදි කිරිමට රුපියල් 50,000 ක පමණ මුදලක් වසර 5 කට එක් වරක් දැරිමට සිදුවනවා ඇත .

ඵල නොදරන අතු (දියරිකිලි) කප්පාදුවද සිදු කළ යුතුය . මේ සදහා සුළුඅපනයන භෝග ව්‍යාප්ති නිලධාරිනියගේ උපදෙස් ලබා ගත යුතුය . මේ සදහා ද වසරකට රුපියල් 5,000 ක් පමණ ශ්‍රමයට තීරණය කල හැක .

කෘමි උවදුරු මර්දනය සදහාද හා දිලිර  රෝග මර්දනය සදහාද විවිධ ප්‍රතිකර්ම යෙදිය යුතුය . මේ සදහාද අදාල නිලධාරින්ගේ උපදෙස් අනුගමනය කල යුතුය . වසරකට රුපියල් 5,000 ක පමණ වියදමක් එක් පුද්ගලයකුට දැරිය යුතුය .

වසරක පමණ කාලයකට තම වගා බිමේම ශ්‍රමදායකත්වය සදහා දළ වශයෙන් සතියකට දින 01 බැගින් දින 52 ක් වැය කලත් දිනකට රු : 1,000 බැගින් ගණන් බැලුවේ නමි රු :52,000 ක ශ්‍රම වටිනාකමක් ගණනය කළ හැක .

15 . ව්‍යාපෘතිය මගින් ස්ත්‍රි පුරුෂ අසමානතාවයට කරන බලපෑම

(Affects On Gender Discrimination)

කෝපි ව්‍යාපෘතියේ ස්ත්‍රි පුරුෂ අසමානතාවය අවම කර ඇති ආකාරය අදියර 03න් පැහැදිලි කළ හැක .

01 . මෙහෙයුම් කමිටුවේ සංයුතිය

පුරුෂ                                                                               ස්ත්‍රි

                                                                                               

  1. ග්‍රාම නිලධාරි                                                   1 සංවර්ධන නිලධාරි
  2. කෘෂිකර්ම උපදේශක                                        2 සුළුඅපනයන භෝග ව්‍යාප්ති නිලධාරි
  3. මහජන නියෝජිතයා                                         3 දිවි නැගුම සංවර්ධන නිලධාරි
  4. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි                            4 අපනයන සංවර්ධන නිලධාරි

උඩරට රන් කෝපි සමිතියේ ප්‍රධාන නිලධාරින් තිදෙනාම කාන්තාවන් වන අතර එම කාන්තාවන්ම  ග්‍රාමශක්ති ව්‍යාපාරයේ කෝපි පර්ෂදයේ නිලධාරින්ද වේ .

  • කමිටුවේ තෝරා ගත් පුරුෂ පාර්ශවයේ 04 ක් වේ .
  • කමිටුවේ තෝරා ගත් ස්ත්‍රි පාර්ශවයේ 03 ක් නියෝජනය වේ .
  • මෙවිට මෙහයුම් කමිටුවේ සංයුතිය පුරුෂ 7 : ස්ත්‍රි 8 ක් වේ .

02 . සෘජුප්‍රතිලාභින් - පවුල් 362 ක ජනගහණය ස්ත්‍රින් 630 ක් සහා පුරුෂ 610 ක් වේ . මෙය දළ වශයෙන් 1:1 අනුපාතයක් ලෙස සැළකිය හැක .

03  . වසමෙ ව්‍යාපෘතිය හා සේවය කරන ප්‍රතිලාභින් ගත් විට -

  • කෝපි එකතු කරන්නන් -පුරුෂ 18 - ස්ත්‍රි - 09
  • කෝපි ප්‍රවාහනය කරන්නන් -පුරුෂ 10
  • කෝපි තවාන් සකස් කරන්නන් -පුරුෂ 10 -ස්ත්‍රි - 10
  • කෝපි තෝරන්නන්- ස්ත්‍රි 20එකතුව -පුරුෂ 38 -ස්ත්‍රි- 39

මෙයද අනුපාතයක් ලෙස දළ වශයෙන් 1:1 පමණ වේ . මේ අනුව මෙම ව්‍යාපෘතියේ සැකැස්ම අනුව ස්ත්‍රින් හා පුරුෂයන් සමානව නියෝජනය වන ආකාරය පැහැදිලි කළ හැක . රාජ්‍ය නිලධාරින් ස්වේච්ඡා සමිති නිලධාරින් මෙන්ම සෘජු හා වක්‍ර ප්‍රතිලාභින්ද සම්පුර්ණ එකතුව1:1  අනුපාතයට දළ වශයෙන් සැළකිය හැකි මට්ටමක තිබිම මගින් ස්ත්‍රි පුරුෂ අසමානතාවය දුරලිමට ඉතා යෝග්‍ය ව්‍යාපෘතියක් ලෙස සැකසි ඇති බව පෙන්නුම් කළ හැක . සියළු ක්‍රියාකාරකම් වලට ස්ත්‍රින්ට හ පුරුෂයන්ට සමානව දායක විය හැකි අවස්ථා යෙදේ . කෝපි පැළ සිටුවීම , අස්වනු නෙළිම , ආදි සියළු කටයුතු සදහා පවුලේ ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ශ්‍රම විභජනයක් තුළ කටයුතු කළ හැක .

16  . පරිසර සුරකිම සදහා ව්‍යාපෘතියේ  බලපෑම

පස සාරවත් වීම . (Soil Quality)

කෝපි වගාව මගින් හිරු එළිය සෘජුව පොළොවට වැටිම වැළැක්වීම මගින් පසට හිතකර බැක්ටීරියා සහ කුෂුද්‍ර ජිවින් විනාශ වීම වළක්වාලයි . එය පසේ සාරවත් බව ආරක්ෂා කර ගැනිමට බලපායි . (N2තිර කරන බැක්ටීරියා )

ඔක්ෂිජන් පරිමාව තුලිතව තබා ගැනිම .

ජල දුෂණය වැළැක්විමට (Water Pollution & Contamination) හා විෂ ද්‍රව්‍ය පවිත්‍ර කරණයට කෝපි භෝගය විශාල  සේ දායක වේ . විෂ අවශෝෂණය කර ගෙන ගස තුලදි කාබනිකකරණයට ලක් කොට පරිසරයට ඔක්ෂිජන් මුදා හරි . එනම් පරිසරය තුල ඔක්ෂිජන් පරිමාව තුලිතව තබා ගැනිමට කෝපිභෝගය දායක වේ .

අතුරු කඩනය වැළැක්ව්ම .

කෝපි යටිවගාවක් ලෙස ක්‍රියාත්මක විම තුළින් වර්ෂාව භූමියට සෘජුව වැටිම වළක්වා ගස මගින් පොළොව සහ ජලය සම්බන්ධ කෙරේ. එමගින් පස සෝදා යාම , නාය යාම අවම වේ .

කාබනික පොහොර නිෂ්පාදනය-Organic fartilizer

කෝපි වල ඉවතලන ද්‍රව්‍ය (Waste) යොදාගෙන කාබනික පොහොර මහා පරිමානයෙන් නිපදවිය හැක .

පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරිම (ASustainableAlternative)

ඇමරිකාවේ බ්‍රයින්ඩින් ඇසෝෂේෂන් (ABA) සමික්ෂණය කර ඇති පරිදි කෝපි වගාවේ නිදහස් සෙවන පක්ෂින්ට හා අනෙක් තෙතමනය සහිත පරිසරයේ නිවාස තැනිමට කැමති සතුනට බෙහෙවින් උපකාර වන බවත් එමගින් පරිසර සමතුලිතතාවය ඇති කරන බවත් සොයා ගෙන ඇත .කෝපි වගාවේ මතුපිට පස් ස්තරය (ToPSoil) වනාන්තර වල ගැවසෙන සර්පයන්ට හා මකුළුවන්ට උචිත පරිසර තත්වයක් ඇති කරන බවත් මෙම සතුන් පරිසර සමතුලිතතාවයට බෙහෙවින් උපකාරි වන බවත් මෙම ආයතනය දක්වා ඇත .

හරිතාගාර ආචරණයට විරුද්ධව ක්‍රියාත්මක විම (Green House Effect)

මහා පරිමාන වගාවක් ලෙස ක්‍රියාත්මක කිරිම තුලින් ප්‍රධාන හරිතාගාර වායුව වන CO2තිරකොට  ප්‍රභාසංස්ලේෂණය මගින් O2මුදාහැරිම සක්‍රියව සිදු කළ හැක . එමගින් පෘථිවිය උණුසුම් වීමද අවම කල හැක . "වස වි‍සෙන් තොර ලංකාවක් " තේමාව සඵල කර ගැනිම .

කෝපි වගාවට පොහොර අවම ලෙස භාවිතා කිරිම නිසා පළිභෝධනාශක , කෘමිනාශක යෙදිමට යන මුදල් ඉතිරි විමත් පරිසර දුෂණය අවම විමත් සිදු වේ .08. කෝපි භෝගය හා මී මැසි පාලනය

මෙම කරුණු දෙක අතර ඇති සබැදියාව මත කෝපි ඵලදාව වැඩි වන අතර මී පැණි නිෂ්පාදනය වැඩි වේ මි මැසි ගහනය වැඩි විම අනෙක් සියඵ භෝග වල පරාගනයටද බලපාන බැවින් නිෂ්පාදනය ඉහළ යාම අමතර වාසියකි .

කාන්තාරකරණය (Desertification) වීම වළකි .

කෝපි සහජීවී වගාවකි . විශේෂයෙන් කෙසෙල් වගාවේ යටි වගාවක් ලෙස වගා කළ හැක . එමගින් හිරු එළිය සෘජුවට පොළොවට නොවැටේ . පසේ තෙතමනය ආරක්ෂා වේ . භූමිය කාන්තාකරණයට ලක් වීම වැලකේ .

වන ගහණය වැඩි කිරිමට කෝපි භෝගය භාවිතා කළ හැකි වීම 

මුළු බිම් ප්‍රමාණයෙන් 1990 වසර වන විට වන ගහණය පැතිරි ඇති බිම් සංඛ්‍යාව 36.42 % කි . එය 2015 දි 33 . 01 % දක්වා අඩු වි ඇත . මෙම ප්‍රමාණය ඉහළ දැමිමට ඵලදාවක් සහිත රොබස්ටා කෝපි ප්‍රභේදය වගා කළ හැක . මෙය යම් තරමක ප්‍රතිශතයක් හෝ වනාන්තර වැඩි කිරිමට හේතු කාරක වේ .

පරිසරය ප්‍රිය මනාප වීම .

කෝපි මල් වල සුවද පරිසරයට මුසු වීම මගින් පරිසර ප්‍රසන්නතාවය ඇති වේ . මෙය මානසික සුවයටද හේතුවක් වේ .

Computer Basic Skill Program will be Unit in these days...

Computer Basic Skill Program will be Unit in these days...

GN Office Performance Competition 2012 - Gampaha District

 

News & Events

28
Aug2017

Divisional Coordinating Committee meeting (DCC) on 2020.01.

* Walapane Divisional Coordinating Committee Meeting is...

28
Aug2017
Special Dengue Control Meeting to discuss Dengue Action Committees

Special Dengue Control Meeting to discuss Dengue Action Committees

A special dengue control meeting was held...

Scroll To Top